:oo::oo::oo::oo::oo:
විඩාබර දෑස්
තෙහෙට්ටු වුනු මනස
ගොඩවුන නිවසට
පිට වුණි සුසුම...
අඹු දරු සියල්ල
කිමිදී රූප පෙට්ටිය තුල
නැත හා හූවක්
රූප පෙට්ටිය මිස
නිමවන විට එකක්
ඇරඹෙයි තව එකක්
නැත කිසි නිමාවක්
පුදුම නාට්‍ය බැලිල්ලක්
තිබිය යුතු සීමාවක්
බලන අය තුල වුවත්
සිතන්නට නැත් කාලයක්
පටන්ගෙන ඇත තව එකක්...