සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනි ව හිඳි වේලේ
නිහඬ මා හද සනසනා
ඉරකි ඔබ මට සඳකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා
යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොඳුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුළ
සිනා මල් පෙති විසිරිලා
හිරුට...