අපේ රේරුකානේ ලොකු හාමුදුරුවෝ
"දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී"
අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.
රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට ත්...