1. Inigo Montoya

    නුවර එලියට කොච්චි යනවද දැන් ?

    තාම පාර හදල ඉවර නැහැ බන්.
  2. Inigo Montoya

    කාලෙකින් අද රසට කෑව

    අපි දකුණේ උන් නේ බන්, දකුණේ උන් සුදු හාල් කන්නේ නැහැ. සුදු හාලකින් කන්නේ සම්බා, බාස්මති විතරයි. එකත් කලාතුරෙකින්.
  3. Inigo Montoya

    අධිකරණයට අපහාස කරපු මාලිමාවේ ලැට්මාලිට වෙනම නීතියක්ද?

    විපක්ෂේ එකෙක් ඕක කියුව නම් දැන් ඌ ඉන්නේ හිරේ.
  4. Inigo Montoya

    If You Have Type O Positive Blood, Your DNA Has a Dark Secret

    මන් බී පොසිටිව් එකෙක්. ඒ කියන්නේ කොලරාවෙන් බෙරිච්ච එකෙක් මී මුත්තා වෙන්න ඇති නේ.
  5. Inigo Montoya

    පච කෙලලා රජ උනා, වැඩ බැරුව චොර උනා: මුදල් ඇමති අනුර රටට තවත් කෝටි ගානක් පාඩු කරයි

    ග්රෝක් ගෙන් අහපන්කෝ තාර පාරවල් සහ ජලය අතර සම්බන්ධය. මුළු රටේම පාරවල් දෙපැත්තේ කානු දාල හදන්න තරන් සල්ලිකාර රටක් නොවුනට මේ රටේ පාරවල් හොඳයි නේ බන්. පොඩ්ඩක් ඉඳින්, මේ පාරවල් ගැන කතාව මොකක්ද? උඹ මේක පැත්තට අදින්න ට්රැක් පන්නවන්න කරපු මගඩි වැඩක් නේ.
  6. Inigo Montoya

    The Life and Times of a Car - 2026.04.20 - 2026.07.28

    තිබුන වගේම හදල නේද?
  7. Inigo Montoya

    කාලෙකින් අද රසට කෑව

    මාත් අද නිවාඩු දවසේ සුපිරි කෑමක් හැදුව, රතු හාල් බත්, පරිප්පු, පොල් සම්බල්, අල බැදුම්, බිම්මල් කිරට, සොසේජස් බැදුම්. කඩේ මල ඉලවු කෑවා වගේ නෙවේ. දැන් නිදිමතයි. පවු බන් ඌට. ------ Post added on 1785312576
  8. Inigo Montoya

    යන්න පුළුවන්ද??? 😁

    කොළඹ කොල්ලෝ මේකට උත්තර දියල්ල.
  9. Inigo Montoya

    🚌අළුත් METRO බස් රථ මෙම මාර්ගවල පමණී! නුවර මැණිකෙලා හාන්සී!🚌

    ඕක නුවර යවනවා නම් ෆස්ට් ක්ලාස් ට්‍රෙන් ටිකට් එකේ ගානට දෙන්න වෙන්නේ. එත් බස් එකේ එහෙම ගෙවල යන්න පිස්සුවක් ඇතෑ. ඉතින් කොළඹ පාරවල් වල විතරයි.
  10. Inigo Montoya

    ජෙරොම් නිසා ගොඩගිය දියනිය

    https://en.wikipedia.org/wiki/Fight_Club මේක සයිකොලොජිකල් කතාවක් බැන්න, අන්තිමට තමයි සීන් එක තේරෙන්නේ. මහා අමුතුම කතාවක්
  11. Inigo Montoya

    අපිට කොහේහරි වැරදුනා බන්

    දුක හිතුන බන්
  12. Inigo Montoya

    පච කෙලලා රජ උනා, වැඩ බැරුව චොර උනා: මුදල් ඇමති අනුර රටට තවත් කෝටි ගානක් පාඩු කරයි

    ලංකාව කියන්නේ වැස්ස ලැබෙන රටක්, එහෙම රටක තාර පාරවල් කැඩෙනවා. මොකද තාර පාරට වතුර හොඳ නැහැ. එක නිසා ඒවා මේන්ටේන් කරන්න ඕන නිසි කලට පැලැස්තර දාන්න ඕන. වලවල් වහන්න ඕන. එහෙම නොකලොත් කෝටී දාස් ගානක් වියදන් කරලා හැදු පාරවල් අබලන් වෙනවා. උඹල කාර් එකක් ගත්තම මේ අලුත් කාර් එකනේ ජපනා මේක හොඳට හදල තියෙන...
  13. Inigo Montoya

    ජෙරොම් නිසා ගොඩගිය දියනිය

    උඹ ඉස්සෙල්ල බොජ්ඣංග ධර්මයන් කියන්නේ මොනවද කියල බැලුව නම් තේරේවි මොකක්ද මේ කියන්නේ කියල. https://si.wikipedia.org/wiki/සප්ත_බොජ්ඣංග මේක කියවපන්. එතකොට තේරේවි කතාව. ඔය කියන්නේ හිතට දැනෙන වේදනාවේ අමාරුකම් යටපත් වෙලා හිතට සැහැල්ලුවක් සහනයක් දැනුනා කියල එක. එක මානසික සහනයක්.
  14. Inigo Montoya

    ජෙරොම් නිසා ගොඩගිය දියනිය

    බොජ්ඣංග ධර්මයන් කියන්නේ ලෙඩ සුව කරන සූත්‍ර දේශනාවක් නෙවෙයි. චුන්ද මහා රහතන් වහන්සේට බොජ්ඣංග ධර්මයන් දේශනා කරන්න කියලයි බුදුන් වහන්සේ කියුවේ. එකෙන් රෝගයේ අමාරුකම් දුරු වුනා කියල. බෞද්ධයෝ ඕන තරම් එහෙම කරනවා. එකෙන් අදහස් කරන්නේ රෝගය සනීප කරන්න නෙවේ බන්. හිතට සහනයක් ගන්න.
  15. Inigo Montoya

    ජෙරොම් නිසා ගොඩගිය දියනිය

    නෑ බන්. විශාලා මහනුවර වසංගතය වෙලාවේ කරණීය මෙත්ත සුත්‍රය රතන සූත්‍රය දේශනා කරා කියුවට උගත්තු විශ්වාස කරන්නේ ඒ සූත්‍රය පසුකාලීනව නිර්මාණය කරපු එකක් කියල. මන් ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඔය ගැන වාද විවාද අහල තියනවා. බුදුන් තමන් ලෙඩ රෝග සුව කරන්නෙක් විදියට පෙනී සිටලා නැහැ.
  16. Inigo Montoya

    ජෙරොම් නිසා ගොඩගිය දියනිය

    බුදුහාමුදුරුවෝ කියල නැහැ නේ තමන් ඔහොම ප්‍රාතිහාර්ය කරන කෙනෙක් කියල. කතා කීපයක් නම් තියෙනවා බුදුන් වහන්සේ ලෙඩුන් සුව කරපු, ලෙඩුන්ට උපස්ථාන කරපු. නමුත් උන් වහන්සේ ප්‍රාතිහාර්ය කරනවා කියල ලෙඩුන් සුවකරන්න ගිහින් නැහැ. ක්‍රිස්තුවහන්සේ නම් සුව කරන්නෙක් විදියට ප්‍රසිද්ධයි නෙ.
  17. Inigo Montoya

    Glomark රටේ නිතිය වෙනුවෙන් සමාව ඉල්ලීම

    බෞද්ධ නොවන කට්ටිය ඉනව නේ. එක නිසා එහෙම සමාව ඉල්ලන එක කියන එක අවුලක් නැහැ. එක විනීත සභ්‍ය රටක වෙන්න ඕන දෙයක් නේ. මන් බෞද්ධ විදියට අනිත් මිනිස්සුන්ගේ නිදහස සීමා කරනවට කැමති නැහැ. මන් කියන්නේ අන්‍යආගමිකයන්ට නිදහසේ ඉන්න දෙන්න ඕන කියලයි.
  18. Inigo Montoya

    කාවඩි යන අතරතුර වලියක් 😂 😂 😂

    ඉතින් මොකද බන්. මුන් මොලේ අමාරුවට මිනිස්සු ඉන්න තැනක බෝම්බ පුපුරවන්නේ නැහැ. වාහනේ පැදගෙන ඇවිත් යටකරන්න හිතන්නේ නැහැ. ගෑනියක් කොණ්ඩය පෙනෙන හිටියා කියල කතුර අරන් කපන්න හිතන්නේ නැහැ.
  19. Inigo Montoya

    නුවරම හුජ්ජ ගදයි

    රෑට ගමන් යන උන් බන් ඔය වැඩේ කරන්නේ. කරුවල තැනක මුත්‍රා කරනවා.
  20. Inigo Montoya

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    එහෙනම් උඹ මගේ වයසේ 40+ එකෙක්

    No contents