කලු ගැහී තරඟයට ඉහල ගිය
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලට
අහසක් ගහක් කොලක්
අවටක් නැත.
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක්ටැම් ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිරකල කාමරයක
ඇඳක්-පුටුවක්-මේසයක්
මම.
මහපොලවේ අනික් පැත්තෙ
සෙනෙහැති දෙමාපියන්
නෑ මිතුරන් අඹු දරුවන්
මට සිහි වෙයි.
පලවන්නට මළ පාලුව
කවියක් හඬ නඟා කියමි...