1. H

    වාහන වලවල් වලට වැටෙන හැටි බලා සතුටු වෙමු

    හැම දේම systematically වෙනවා කියලා හිතාගෙන ඉන්න රටවලට ගිය හීන මානෙන් ඔලුව පුරව ගත්තු සමහරු දන්නෙ නෑ ඔය system එකට යනවා කියන රටවල එක පොඩි දෙයක් system එකෙන් පැන්නොත් මොක්ද වෙන්නේ කියලා. මෙහේ පාරවලත් ඔය වගේ, ඔයිට බිහිසුණු වලවල් තියෙනවා, ඒත් අපි දන්නවා ඒක එහෙම තියෙනවා කියලා. ඒ නිසා ඕනම පාරක යනකොට...
  2. H

    ත‍්‍රිවීල් ගාස්තුව ශත පනහකින් අඩු කරන්න පුළුවන්..

    දැන් පෙට්‍රල් අඩු කරත් ත්‍රී රෝද ගාස්තු එහෙමම කියන්නේ පෙට්‍රල් තිබුණ ගාණට ගත්ත ගාස්තුවනේ ගන්නේ. ඒ හින්දා, ත්‍රී රෝද රථ වලට පරණ ගාණටම පෙට්‍රල් දෙන්න කියමු. බූලි වලට පෙට්‍රල් ඕන නම්, QR එක පෙන්වන්න කියමු.
  3. H

    මොන්ටිසෝරි බෑග් වංචාවට පා.ම. චාමර සම්පත් දින 5 කට රිමාන්ඩ්

    මට හිතෙන්නේ නම් මෙහෙමයි. ඔය බැංකු දෙකෙන් සල්ලි දුන්නා නම් දෙන්නේ චෙක් වලින්නේ. එතකොට ඒ සල්ලි ඔය පදනමේ නමින් හරි මිනිහගේ නමින් හරි ලියලා දුන්නා නම් ඒ ගිණුමට දාලා ඇති. ඊළඟට ඔය FD ඇදපු කතාව ගත්තම ඒකෙන් පාඩුවක් වෙන්න නම් ඒ බැංකුවේ පොළියට වඩා අඩු පොළියට වෙන බැංකුවක දාලා තියෙන්න ඕන. ඒකෙන් මිලියන 173ක්...
  4. H

    ඔයා හොඳයිද?

    පොලිස් කාරයෙක්ගෙන්, කෙනෙක් ගෙන් පාරිභෝගික සේවා වැටලීම් නිලධාරියෙක්ගෙන් සමාජය බලාපොරොත්තු වෙන්නේ නීතිය ක්‍රියාත්මක කරලා තමන්ගේ duty හරියට කරන එකද? එහෙම නම් ඒ නීති ක්‍රියාත්මක කරා කියලා ඒ මනුස්සයට සමාජයෙන් ලැබෙන ආරක්ෂාව මොකක්ද? මිනිස්සු හොඳයි කියන්නේ පාරේ නීති කඩලා අහු වුනාම shape කරලා යවන පොලිස්...
  5. H

    🔴 බුද්ධි අංශ විනාස කළ මිලේනියම් සිටි මහා පාවාදීමට රනිල් ගේම ගැහුවෙ මෙහෙමයි

    දැන් බලකායක් තියෙනවා, ඒකේ ආයුධ එක්ක කට්ටියක් මිනිස්සු ජීවත් වෙන මාලබේ ගෙදරක ඉන්නවා කියමු. එතකොට ඒක පොලිසියෙන් වටලන කම් ඒ බුද්ධි අංශේ දන්නේ නැද්ද? එහෙම නම් පොලිසිය කියලා කොටි ඇවිල්ලා පොලිස් ඇඳුම් ඇඳගෙන attack කරා නම් මොකද වෙන්නේ? ඒ කියන්නේ එතනට ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවනේ. ඊළඟට සටන් විරාමයක්...
  6. H

    පිරමිඩ් යට

    මගේ අදහස මේ කියන්නේ. පිරමිඩ් හා පාරාවෝ කට්ටිය කියන්නේ ඊජිප්තුවේ ඉතිහාසය, ඒ නිසා ඒ රට ඒවා පෙන්නලා සල්ලි හොයනවා. ඒ වුනාට ඕකෙ අරක තිබ්බා මේක තිබ්බා ඒ කාලේ මෙහෙමයි කියලා හොයලා අන්තිමට වැඩක් තියෙනවද? සරලව කියනවා නම් ඒ රටේ හැර අනික් රටවලින් ඕවා ගැන හොයලා ලැබෙන දෙයක් තියෙනවද?
  7. H

    බටලන්ද, 71 කැරැල්ල සහ 88-89 විප්ලවය

    කැ‍රැල්ලෙදි වෙච්ච දේ හරි හෝ වැරදි කියනවා නෙවෙයි. ඒත් යුද්ධයක් යනු භෝජන සංග්‍රහයක් නොවේ. උතුරේ යුද්ධෙදි මැරිච්ච මිනිස්සු ගැන සිංහල දෙමළ මුස්ලිම් තව බර්ගර් මැලේ හැමෝටම දුකක් තරහක් තියෙන්න පුළුවන්. ඔය කාලේ තිබ්බ තත්ත්වයන් එක්ක තමයි ඕනම ආණ්ඩුවක් තීරණ ගන්නේ. කොටින්ට වෙඩි තියන්නේ නැතිව, මිසයිල...
  8. H

    වරෙල්ලා වැදගත් දෙයක් කතා කරන්න - ලංකාවෙ වැඩක් කරගන්න බලය තියෙන්න ඕනද? නැත්තන් හොඳට respectable විදියට කතා කලාම හරිද?

    state ද private ද අදාළ නෑ contact එක්ක ගියොත් ඕනම වැඩක් ලංකාවෙදි ගොඩ දාගන්න ලේසියි, මගේ අත් දැකීම අනුව නම්. හැබැයි ඒ වගේම අලි ජාතියෙන් නැතුව ඒත් හොඳ professional විදිහට කතා කරනවා නම් contact නැතිව වුනත් සමහර තැන් වලදි මොකක් හරි ගැට ගහ ගන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි ඕනම තැනක බිම් මට්ටමේ...
  9. H

    ඉන්දියාවේ බිම දාගෙන බත් කෑම

    ඉස්සර බුද්ධ කාලීන භාරතයේ අජ වෘත , ගෝ වෘත කියලා වෘත සමාදන් වෙච්ච මිනිස්සු හිටියලු. ඒ වගේම හොං කොං වලද කොහෙද වල commode හැඩයේ කෑම පිඟන් වල කෑම දාගෙන තියෙනවා දැකලා තියෙනවා. එක එක රට වල සංස්කෘතිය වෙනස්.
  10. H

    Strike කරන දොස්තරාලට ලුණු ඇඹුල් ඇතුව කිව්ව ලෙඩ්ඩු

    දෙපැත්තෙම කතාවල යමක් තියෙනවා. මෙතනදි වෘත්තීය සමිතියක් විදිහට කවුරු හරි පෙන්වන්නේ එයාලගේ හයිය. මෙතන වෛද්‍යවරු නො ඉඳ වරාය නැත්නම් ගුරුවරු ඔය වගේ ක්ෂේත්‍රයක කෙනෙක්ට යමක් වුනා නම් එයාලා වර්ජනය කරයිද නොකර ඉඳියිද? මේ වර්ජනයට බනින මිනිස්සු අතරේ තමන්ගේ ක්ෂේත්‍රයේ වර්ජනයක් නොකරන මිනිස්සු ඉන්නවාද...
  11. H

    $ක්තියේ මෙහෙයුම

    මේ කතාවට සම්බන්ධ කෙනා මෙහෙමයි කියනවා නෙවෙයි. හැබැයි අර සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතය රඟපාපු චිත්තරපටියක තියෙනවා, ඒ චරිතය පොලිස් නිලධරයෙක්. අපරාධකරුවන්ට දෙනවා බැටේ. හැබැයි මොකක් හරි ගේමක් සෙට් කරලා මිනිහව යවනවා හිරේට. බොරු සාක්ෂි එහෙම හදලා. එතකොට එතනදි කියනවා මෙහෙම කතාවක්. පොලිස් කාරයෙක්...
  12. H

    ට්‍රුක පැනපු ටියුෂන් මිට්ටෝ

    කතාවේ ඇත්තක් තියෙනවා. science practicals කරද්දි අමාරුයි. campus වලත් සමහර lectures online කරනවා. හැබැයි online lectures කරද්දි ළමයින්ට බොරු බයිලා ගහන්න බෑ, තෙල බෙදන්න බෑ, කොටින්ම කිව්වොත් lecturer වෙලාවට lecture එකට ආවද, ඉවර කළේ කීයටද? එන්නේ නැතුව demoට දීලා පැන්නද? ඕවා ඔක්කොම අහු වෙනවා...
  13. H

    බයියනේ ඉක්මනට වරෙල්ලා, ජොලි සීයාට අලකලංචියක්..!

    තුවක්කුව බැන්දේ කවුද කියලා හොයන්න නම් දඩයම කරේ තියන් යන්නෙ කවුද බලන්න කියලා කවුදෝ කියනවා මතකයි. මෙතන සභාව කියන්නෙ කවුද කියලා දන්නෝ දනිති. ඉතින් සභාවේ සිනා ආනේ මාරයි කියන්නේ සභාව ගැන මේ ලියන කෙනා හොඳ තක්සෙරුවක ඉන්නවා කියන එක නේ.
  14. H

    රහස් ක්‍රමයක් භාවිතා කරමින් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වීමට යයි..🔴

    ආර්ථික අර්බුදයක් නෙවෙයි, මතක් කරලා බලන්න 2015 දි ආණ්ඩුව ආපු ගමන් රජය් සේවකයින්ගේ පඩි වැඩි කරා, භාණ්ඩ වර්ග 12කද කොහෙද මිල අඩු කරා, විශ්‍රාම වැ‍ටුප වැඩි කරා. සහනාධාර එකක්ම ගෙනාවා. එතකොට ඒ වැඩි කරපු සහනාධාර තොගයම එක පාර දරාගන්න වුනාම මොකද කරන්නේ? භාණ්ඩාගාරයට වැඩිපුර සල්ලි ඕන වෙනවා. ඊලඟ සතියේ ගන්න...
  15. H

    රහස් ක්‍රමයක් භාවිතා කරමින් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වීමට යයි..🔴

    මොකක් හරි සාකච්ඡාවකදී කියනවා වගේ මතකයක් තියෙනවා ඔය මනුස්සයව ඒ රටෙන් ගෙන්වන්න නම් ශක්තිමත් සාක්ෂි එක්ක තහවුරු කරන්න ඕන කතාවක්. ඒ කියන්නේ ඔය මනුස්සයා ඕකට වැරදියි කියන්න ශක්තිමත් සාක්ෂි නෑ කියන එකද? ඔතන සිද්ධ වුන දේ මම දන්න විදිහට නම් මේකයි. ඔය මනුස්සයා ආපු ගමන් මහ බැංකුව වෙනස් කරන්න ගත්තාලු...
  16. H

    චිනෙ ඇමරුකාවෙන් ගෙම ඉල්ලයි

    දෙමළ අකුරු තියෙනවා.
  17. H

    චිනෙ ඇමරුකාවෙන් ගෙම ඉල්ලයි

    චීනේ කොහෙද බං හිඟන රටක් වෙන්නේ? චීන සෙන්පතියෙක්, හමුදාව එක්ක ලංකාවට ඇවිල්ලා ලංකාවේ හිටපු රජ පවුලකුයි තව කට්ටියකුයි එහෙට අරගෙනත් ගිහින් තියෙනවා. චීන සෙන්පතියෙක් ගාල්ලෙ චීන, පර්සියන්, දෙමළ භාෂා වලින් සෙල්ලිපියක් පිහිටෙව්වා. ඒක තාමත් කියවන්න පුළුවන්. 1987 දි වෙච්ච දේවල් දැකලා නෑ, ඒකාලේ තිබ්බේ...
  18. H

    පොලිස් කෑම....

    මෙහෙමයි, දැන් ඔය මස් මාළු දෙනවා කියන නිලධාරීන්ගෙන් කීයක් මෙස් එකට කියලා කැපෙනවද?වැඩි ගාණක් කැපෙනවා නම් මොකද කරන්නේ? මොකද මාසෙට 9000 කැපිලා දවසකට 300 වගේ යන්නේ. එතකොට එක වේලකට රු 100 වගේ යන්නේ. හැබැයි එක පාර ගොඩකට උයනවා නම් ඒ ගාණෙන් ඔයිට හොඳට දෙන්න පුළුවන් වෙන්න පුළුවන්.
  19. H

    කොළඹ දරුවන් ගේ ලිංගික අසහනය

    ඔය big match කාලෙට boys school වලින් girls school වලට පනින එක දශක ගණනාවක් පරණ දෙයක්. තාමත් කරනවා. ඕකට ඔය ඉස්කෝල විරුද්ධ නම් තාප්පේට වීදුරු ක‍ටු ගහන්න පුළුවන්නේ. ඇයි එහෙම නොකරන්නේ? අන්න එතන තියෙනවා වෙනම කතාවක්.

    No contents