කුඩා ළමෝ කැලෑ වැදී ලා
කැලේ කොලේ ගෙවල් හදා ලා
කුඩා පුතා මාගේ බලා හිඳී මේ ගේ
අකීකරු නොවී රැඳී ලා...
දඬු මුගුරු කැට කැබලි රැඳෙනා අතේ
වන සියොතුන් යාලූ නොවේ
බණ අසනා සිල් රකිනා දරුවන් සිතේ
සිහ රජිඳුන් හීලෑ වෙතේ...
දඟත් ටිකක් ඕනා ළමා වියේ පානා
නමුත් පුතේ පරිස්සමෙන් හා...
හිරු අවරේ ගෙයි දිලෙනා පහනේ...