1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    කොච්චර වාසනාවක්ද :lol:
  2. Mr.Tom

    Hard Talk with රත්තරං

    :cool: සහතික ඇත්ත.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: උඹව දැන් මාරයා වගේ පේනවා ඇති.
  4. Mr.Tom

    Hard Talk with රත්තරං

    උඹව නම් අදහන්ඩ වටිනවා බං :lol:
  5. Mr.Tom

    දත් වලට කම්බි දාන්න Help

    මම නම් දාලා නෑ. ඒත් දාපු අය ඇති තරම් දන්නවා. අනිවාර්යෙන් වෙනසක් තියනවා. ඔය දත් ඉස්සරහට ඇවිල්ලා තියන ඒවා හරි යනවා. වයස 21 අව්ලක් නෑ. හොද ඩෙන්ටල් ඩොක්ට කෙනෙක් ගාවට යන්න.
  6. Mr.Tom

    Hard Talk with රත්තරං

    :):)
  7. Mr.Tom

    Hard Talk with රත්තරං

    කොහෙද ඔය හරිදුවා කිව්වට පිලි ගන්නෙ නෑ. :nerd:
  8. Mr.Tom

    Hard Talk with රත්තරං

    අනිවාර්යෙන් මචං. එකක් කියනව නම් මම ලාන්සර් බොක්ස් එකෙන් එහා වාහන ගන්න කියලා මිනිස්සුන්ට උපදෙස් දෙන එක නැවැත්තුවා.
  9. Mr.Tom

    පින_නැති_ප්‍රින්ටර්

    එළ බොහෝම ස්තූතී ශෙයා කලාට විශේෂයෙන් ටයිප් කරන්න උන මහන්සිය අගය කරනවා. +24
  10. Mr.Tom

    නුවර පාරවල් දන්නා අය එන්න.

    Delivery කියලා ටව්මක් කොහෙන්ද මල්ලි. ඇඩ්‍රස් එක වැරදිලා.
  11. Mr.Tom

    VGA display

    කේබල් එක බුරුල් වෙලා ද බලන්න. නැත්තං කේබල් එක හෙන් හරි ඩැමේජ් වෙලා, මොනිටර් එකේ ලෙඩක්, ග්‍රැෆික් කාඩ් එක හරියට ප්ලග් වෙලා නෑ. ප්ලග් වෙලා තිබුනත් අග්‍රවල මල බැදීම නිසා හරි විදිහට අග්‍ර සම්බන්ධ වෙන්නෙ නෑ වගේ දෝශයක් තියන්න පුලුවන්.
  12. Mr.Tom

    Hard Talk with රත්තරං

    සුභ පැතුම් රත්තරං මිත්‍රයා.... අනිවාර්යෙන් මම හිතන පතන දේවල්වල සාධනීය වෙනසක් ඇති කරන්න ලොකු දායකත්වයක් සපයපු පුද්ගලයෙක් තමයි රත්තරං. මිත්‍රයින් අතරින් මම ගරු කරන චරිතයක්. රාමුවෙන් පිට හිතන්න පුලුවන් වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන නොහැක්කක් නොමැති තරමේ මිනිසෙක්. මතවාදී පහර දීම් ගැන අහලා තිබුන නිසා...
  13. Mr.Tom

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    :dull: ඔහොම බය උනොත් නම් ලව් නෙවෙයි ඉලව් තමයි වෙන්නේ. එහෙම නම් ඉතිං කාත් කව්රුවත් නැති අනාත නිවාසෙක තනි උන කෙල්ලෙක් තමයි හොයන්න තියන්නේ.
  14. Mr.Tom

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    වියදම් කරන්න එපා කියලා කියන්න. එපා කියලා බල කරන්න :P එතකොට පස්සේ කිව්වොත් මම ඔයාට වියදම් කරා ඒකයි මේකයි කියලා කියන්න පුලුවන්නේ මම එපා කියද්දිනේ බලෙන් වියදම් කරේ කියලා :dull: ඒ වගේම වියදම් කරන්න එපා කියලා එස්එම්එස් දාලා ඒවා සාක්ෂි විදිහට තියා ගන්න. වතුරට බහින්නේ නැතුව පීනන්න බෑනේ. ඉස්සල්ලම කෙල්ලව...
  15. Mr.Tom

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    නෑ මල්ලි සමහර කෙල්ලෝ ඉන්නවා හෙන ෆෝවඩ්. මගේ යාලුවෙක්ටත් ඔය වගේ දෙයක් උනා. දැන් උං බැදලා බබෙකුත් ඉන්නවා. කොටින්ම කියනව නම් උගෙන් කෙල්ල ඇහුවේ. හැබැයි කෙල්ල කලින් යාලු වෙලාවත් නෑ.
  16. Mr.Tom

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    ටිකක් ආශ්‍රය කරලා බලන්නකෝ. කෙල්ල කලින් යාලුවෙලා තියන කෙනෙක් වෙන්න පුලුවන්. නමුත් ඒක හරියටම කියන්න බෑ. එක එක මනුස්සයා වෙනස්නේ. හොදම දේ ලොකු බලාපොරොත්තු දෙන්නේ නැතුව ටිකක් ආශ්‍රය කරලා බලන එක.
  17. Mr.Tom

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    බය වෙන්න එපා. සමහර කෙල්ලෝ ඔහොමයි. හැම කෙල්ලම ෆිල්ම් වල වගේ බොරුවට බෑ කියලා ඇඹරි ඇඹරි ඉන්නෙ නෑ. කෙල්ලව ආශ්‍රය කරලා බලන්න තමන්ට ගැලපෙනවද කොහොමද කියලා. ටිකක් කල් ආශ්‍රය කරද්දි කෙල්ල අව්ල් නම් දැනෙනවා. මොකද ඔයා එකපාරම පාරේ යන කෙල්ලෙක්ගෙන් පැනලා ඇහුවා නෙවෙයිනේ. මුලින් යම් හැදුනුම් කමක් ඇති කරගෙන නේ...
  18. Mr.Tom

    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

    නෑ වර්ථමාන නේපාලයේ. ඒකට පුරාවිද්‍යා වගේම පුරාවෘත සාක්ෂි දරනවා. ලංකාවේ කියලා පුහු කෙස් පැලෙන තර්ක ගෙනාවට වැඩක් නෑ. වැදගත්ම කාරනේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහේද කියලා හොය හොය ඉන්න එක නෙවයි. දර්මය යම්තාක් දුරකට හෝ අවබෝධ කරගන්න උත්සාහ කරන එක. අඩුම තරමේ මේ ආත්මේ නිවන් දකින්න බැරි උනත් නියම මගට වැටිලා...

    No contents