නෙතේ ඔබ රැඳූනාවේ...
බැලු හැමතැනකම හිමි ඔබ දුටු මාගේ
සහසක් නෙත් පරදා ඔබ තුරුලට දිව එමි මා
පළිඟු නෙතු සැලුනාවේ
පවනින් මත්වූ මල්පෙති සැලුනා සේ
සුළං රොදක්වී නෙත් දිය අතරින් ඉගිලෙමි මා
පැතුමන් සිරවී සිත් ගොළුවී
සිතකින් පෙරු පෙරුමන් සැබවී
ලොවක බැමින් ඉගිලී යමු පෙම් මාරුතේ
ජන්මෙන් ජන්මේ යළි...