"මතක ඇති කාලෙක සිටම, ගෙදර හදන කළුකුමාට නියමිත වේලාවට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබේ. ඒ අනුව ගෙහිමි කාන්තාව පැමිණෙන සෑම විටම, තමාට බඩපුරා කන්නට ලැබේ යයි කළුකුමා සිද්ධාන්තයක් හදා ගනී. වරක් දෙවරක් නොව, එකදිගට 364 වරක්ම දිනපතා සාධනය වන කළුකුමාගේ මෙම තියරිය, නත්තල් දිනට පෙර රාත්‍රියේ එක්වරම...