''අනේ පලයං මහත්තයෝ යන්න මම මීගමුවෙ ගෑනියෙක්.''
ජැන්ඩියට හැඳ පැළඳි කඩවසම් තරුණයෙක් ඡේම්ස්‌බොන්ඩ් වර්ගයේ බෑගයක්‌ද අතින් ගෙන මීගමුව බලා යන බසයකට නැංගේය. එහි ඉදිරි අසුනේ වාඩි විය. දහඩිය දමන්නට වූයෙන් හේ තම බෑගය අසුන මත තබා බිමට බැස්‌සේය.
බසය මගීන්ගෙන් පිරෙද්දී තරුණයා බසයට නැංගේය. තම අගනා බෑගය...