මීගමුවෙ ගෑනි

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    ''අනේ පලයං මහත්තයෝ යන්න මම මීගමුවෙ ගෑනියෙක්‌.''

    hqdefault.jpg


    ජැන්ඩියට හැඳ පැළඳි කඩවසම් තරුණයෙක්‌ ඡේම්ස්‌බොන්ඩ් වර්ගයේ බෑගයක්‌ද අතින් ගෙන මීගමුව බලා යන බසයකට නැංගේය. එහි ඉදිරි අසුනේ වාඩි විය. දහඩිය දමන්නට වූයෙන් හේ තම බෑගය අසුන මත තබා බිමට බැස්‌සේය.

    බසය මගීන්ගෙන් පිරෙද්දී තරුණයා බසයට නැංගේය. තම අගනා බෑගය බිම තබා ඇති අයුරු හේ දුටුවේය. එම අසුනේ උස මහත මැදිවියේ කාන්තාවක්‌ වාඩිවී බුලත් විටක්‌ සපමින් සිටියාය

    ''මම ඔය සීට්‌ එක බුක්‌ කරලයි බැස්‌සෙ ඇයි මේ බෑග් එක බිම තිබ්බේ?'' තරුණයා මඳක්‌ කෝපයෙන් ඇසීය. ''බිම තිබ්බෙ මට වාඩි වෙන්න' කාන්තාව ගොරෝසු හඬකින් අවඥසහගතව කීවාය.

    ''සීට්‌ එක ගත්තට කමක්‌ නෑ. ඇයි මේ බෑග් එක බිම තිබ්බේ'' තරුණයා ඇසීය. ''බෑග් එක සීට්‌ එක උඩ තියෙද්දි වාඩි වෙන්න බැහැනෙ ඒකයි බිම තිබ්බේ.'' කාන්තාව පෙරට වඩා උස්‌ හඬින් කීවාය.

    ''මේ බෑග් එක බොහොම වටිනා එකක්‌'' තරුණයා එහි තිබූ දූවිලි තම ලේන්සුවෙන් පිස දමමින් කීවේය. ''කීයක්‌ විතර වටිනවද මහත්තයා?''
    කාන්තාව උපහාසාත්මක ස්‌වරයෙන් ඇසුවාය.

    ''අට දාහකට වැඩියි. ගිය සතියෙ ගත්තෙ.'' හේ උජාරුවෙන් කීවේය.

    ''අයියෝ මහත්තයෝ අටදාහක බෑග් එක බිම තිබ්බම මොකද ලක්‍ෂ පනහක්‌ හැටක්‌ වටිනා මේ අලුත්ම බස්‌ එක තියෙන්නෙත් බිමනෙ ඕයි.'' ඕ මහා හඬින් කියද්දී මගීහු මහ හඬින් සිනාසුණහ. වැරැද්දක්‌ කරලත් තව එනවා නිවැරදි වෙන්න තරුණයා උස්‌ හඬින් කීවේය.

    ''අනේ පලයං මහත්තයෝ යන්න මම මීගමුවෙ ගෑනියෙක්‌.'' කියමින් ඇය නැඟී සිටිද්දි තරුණයා තම බෑගයද ඔසවා ගෙන බසයෙන් බැස යන අයුරු දක්‌නට ලැබිණි.


    Source
    http://www.hotandfastnews.com/2015/04/blog-post_50.html
     
    • Like
    Reactions: chinthaka156

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගෑණී ඌව බයිට් කල මදිවට බස් එකෙනුත්
    බස්සලා පව් වැඩේ බන් :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඌ මොකටද බෑග් එක එච්චර වටිනවා නම් එතන තියල ගියේ....
    වැඩේ පවු තමයි....
    කොහේ ගියත් ගෑනු නිසා ප්‍රශ්න කෝටියයි...
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බස් බිම යන්නේ නැතුව අහසින් යන්නද ගෑනියේ ? එහෙනන් යකෝ උබ කියන විදිහට මම බෑග් එක කරේ දාන් යන්නැතුව බිම දාං ඇදං යනවනේ යකෝ. මෝඩ ගෑනි.:angry:
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    oka aththa kathawakda hadapu ekakda ? Thamanta galapenne nathi ayath ekka kathawata yanna narakai.nissabda thawaya samahara wita watinawa.
    Habai godak aya nishsabda thawa niwata kamak widihata ganan ganna ekai prashne.