එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා පිණී මල් වරුසාවේ
කිසිවකු සමගින් එකට තුරුළුවී ඉර බැසයන වේලේ
ඔබ යනු දුටුවිට මතකය රිදවයි අපෙ ඉස්සර කාලේ
අපෙ ඉස්සර කාලේ
මඳ අවුරස්නෙට වුව සෙවණක් නැත ඔබ හට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි මගේ මහිම එලෙසේ
මගේ මහිම එලෙසේ
එක කුඩයක්...