සඳෙන් එහා කඳූමුදුන් ඉමේ
හිම්ව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනිවූ ඒ කුඩා පැලේ
මා ඒ අතීතේ මේ මාවතේ
රෑ පාළු සීතේ ලා මීදුමේ
තනිවී ගෙවා ආ ඒ චාරිකාවේ
නොසිතූ ලෙසේ ඈ මා හමුවුණේ
සඳෙන් එහා....
දෑතේ වෙලීලා මා හා බැඳී
දෑසේ කතාවේ යාවී රැඳී
තනිකම නිවාදී ඒ පාළු යාමේ
පසුදා උදේ ඈ වෙන්වී ගියේ...