විවාහය කියන අකුරු හතරට විවිධාකාර අරුත් ලබා දෙන්න පුළුවන්. උඩරට හෙල කුල සිරිතට සැරසෙන මනාලියකගේ හිස පලඳින තැල්ලට අනුව දෙමගක ගිය දෙදෙනෙකු ඉර හඳ පවතින තුරා එක මගක යන්නට නෑසිය පිරිවර ඉදිරියේ ගිවිසා ගැනීම විවාහයයි. තුන් තැල්ල දැන් එක එක මෝස්තරෙන් ආවත් නිවැරදි සහ සම්ප්‍රදායික තුන් තැල්ලෙන් කියවෙන්නෙ...