මගුලක් ගමුද?

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    2x6k6n3.jpg
    විවාහය කියන අකුරු හතරට විවිධාකාර අරුත් ලබා දෙන්න පුළුවන්. උඩරට හෙල කුල සිරිතට සැරසෙන මනාලියකගේ හිස පලඳින තැල්ලට අනුව දෙමගක ගිය දෙදෙනෙකු ඉර හඳ පවතින තුරා එක මගක යන්නට නෑසිය පිරිවර ඉදිරියේ ගිවිසා ගැනීම විවාහයයි. තුන් තැල්ල දැන් එක එක මෝස්තරෙන් ආවත් නිවැරදි සහ සම්ප්‍රදායික තුන් තැල්ලෙන් කියවෙන්නෙ එහෙම අරුතක්.

    ඉස්සර තිබුණ විවාහ චාරිත්‍ර වලට කෙසේ වෙඩින් එකක් කරගන්න බැරි උනත් පිලිවෙලකට වෙඩින් එක ප්ලෑන් කරගන්නෙ කොහොමද කියල නම් අනිවා අපි කලින්ම කියල දුන්නා. ඉතින් අපි අද මේ කියන්න හදන්නෙ ක්‍රමයෙන් ගිලිහිලා යන අපේ සිංහල මංගල චාරිත්‍ර ගැන. සම්ප්‍රදාය රැකගෙන විවාහයක් සිදු කරන්න කැමති අයට මේ සම්ප්‍රදායන් ගැන දැනගන්න එක අනිවා වැදගත් වේවි.

    මේ ලිපියේ එන පෝරුව චාරිත්‍ර ක්‍රම පළාතෙන් පළාත අනුව වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් පළාත් වල සිදු කෙරෙන පිළිවෙලත් තවත් පළාතක සිදු කෙරෙන පිළිවෙලත් හාත්පසින්ම වෙනස් අවස්ථා දැකගන්න පුළුවන්.



    1. පොරොන්දම් බැලීම


    පොරොන්දම් ගැලපුනා නැතා දැන් නම් ආදරේ කරන දෙන්නෙක් විවාහ වෙන්න හිතුවොත් ඒක ගලපගෙන හරි විවාහය කරගන්නව. ප්‍රේම විවාහයක් හෝ වේවා යෝජිත විවාහයක් හෝ වේවා සම්ප්‍රදායට අනුව නම් පළමු සිරිත මංගල්‍යට පෙර පොරොන්දම් බලන එක. පොරොන්දම් බලනව කියන්නෙ දෙන්නාගේ හඳහන් වල ග්‍රහයන්ගේ ගැලපීම බැලීමයි. මෙතනදි ගැලපීම ප්‍රතිශතයක් විදියට තමා ප්‍රකාශ කෙරෙන්නෙ. බොහෝ දුරට 50%කට වැඩි ගැලපීමක් වඩාත් සුදුසු ලෙස සලකනව. පොරොන්දම් කියන වචනයේ අරුත පෙර උන් දම් එහෙමත් නැත්නම් විවාහ වන දෙදෙනා පෙර ආත්මබව වල මොන ආකාරයේ සබඳතාවක් තිබුන දෙන්නෙක්ද කියන අර්ථය දෙනව.



    2. නැකත් බැලීම


    දැන් කාලෙ නම් නිකම්ම නැකත් බලල නැකත් කොලේ සාක්කුවේ දාන් එන එක තමා වෙන්නෙ. වෙඩින් එක දවසට කලින් දා තමා නැකත් පත්තරේ බලන්නෙ. සම්ප්‍රදායානුකූලව නම් පොරොන්දම් ගැලපීම සිදු කලාට පස්සෙ මංගල්‍යට නැකත් බැලීම මනාල පාර්ශවයෙන් සිදු කෙරෙන දෙයක්. නැකත් පත්‍රය මනමාලියගේ නිවසට ගෙන යෑම සිදු කෙරෙන්නෙ මනාලයාගේ මව සහ පියා විසින්.



    3. ආරාධනා කිරීම


    නැකත් බැලුවට පස්සෙ පළමු නැකතට අනුව පවුලේ වැඩිහිටියෙක්ට බුලත් දී මංගල්‍යට ආරාධනා කිරීම තමා සම්ප්‍රදායානුකූලව චාරිත්‍රය. සුදු රෙදි කඩකින් ආවරණය කරපු බුලත් හෙප්පුවක් මේ ආරාධනාවට අරන් යන්න ඕන. ඒ නිවසින් මගුලට සහභාගි වෙන පිරිස් අනුව බුලත් කොල ආරාධිතයා විසින් ඉවත් කරගන්නව. චාරිත්‍රයට අනුව පළමු ආරාධනාව ලබන්නා පුංචි සංග්‍රහයකුත් සූදානම් කරනව. ඇතැම් විට ආශිර්වාදයක් ලෙස ත්‍යාගයක් ලබාදෙන අවස්ථාත් තියෙනව. තවමත් යාළු මිත්‍රාදීන්ට ඉන්විටේශන් කාර්ඩ් දුන්නට පවුලේ ළඟම ඥාතීන්ට ආරාධනා කරන්නෙ බුලත් පිරිනමල.





    4. කැවිලි සෑදීම

    මගුල් දා උදෑසන තේ මේසයට තියන්න කැවුම් කොකිස් ආදී කැවිලි වර්ග හදන්නත් නැකත් පත්තරයේ නැකතක් වෙන් කෙරෙනව. තෙල් තාච්චිය ලිප තියල කැවිලි හදන්න ගන්නෙ ඒ සුභ නැකතට අනුවයි. අද කාලෙ නම් මේ චාරිත්‍රය සිදු කෙරෙන්නෙම නැති තරම්.



    5. පිරිත් කීම

    සිංහල බෞද්ධයන් මේ සිරිත ඉටු කරනව. මංගල්‍යට දින දෙකකට පමණ පෙර වරු තුනක් ස්වාමීන් වහන්සේලා දෙනමක් විසින් මනාලයාට වෙනමත් මනාලියට වෙනමත් වශයෙන් වරු පිරිත් සජ්ජායනා කොට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා දීම සිදු කෙරෙනව.



    6. මනාලයා සහ මනාලිය නිවසින් පිටත් වීම


    මේ සඳහාත් සුදුසු නැකතක් නැකත්කරුවන් විසින් යොදනව. මනාලියට හැඩගැන්වීමේ පහසුව පිණිස වෙනම නැකතකුත් මනාලයාට වෙනම නැකතකුත් වශයෙන් වර්තමානයේ මේ පිටත් වීමේ නැකත යොදාගන්නව.



    7. පෝරුව චාරිත්‍ර


    මංගල්‍යයේ ප්‍රධානම චාරිත්‍රය. මේ පෝරුව චාරිත්‍රය මගුල් ගෙදරක ප්‍රධානම තැනක් ගන්නව. කුල සිරිතට විවාහයක් කරගන්න කැමති ඕනම කෙනෙක්ට මෙන්න මේ පෝරුව චාරිත්‍ර විදි ගැන දැනගෙන ඉන්න එක වැදගත්.



    පෝරුවට අවශ්‍ය දේවල්
    අද කාලෙ වගේ ඉස්සර මගුල් පෝරුව කුලියට ගත්තෙ නෑ. නැකතකට හැදෙව්වා. ඒත් දැන් ඉතින් ඒ දේවල් ප්‍රායෝගික නෑනෙ. කුලියට පෝරුවක් ගත්තත් මෙන්න මේ දේවල් මනමාලිගේ පාර්ශවයෙන් සූදානම් කරගන්න ඕන.

    සුදු රෙදි යාර 2
    සුදු කැකුළු හාල් කිලෝ 1
    ලදපස් මල් පැකට් 1
    පඬුරු 21
    බුලත් අත් 7
    මැ‍ටි පහන් 4
    පහන් තිර
    පොල් තෙල්
    පිරිත් නූලක්
    කෙණ්ඩියක්
    පැන් වැඩීමට භාජනයක්
    පොල් මල් 4
    පොල් ගෙඩියක්
    කැත්තක්
    ඒ වගේම පෝරුව චාරිත්‍ර වලට මනාල පාර්ශවයෙනුත් දේවල් කීපයක් අවශ්‍ය වෙනව.

    බුලත්
    මනාලියගේ මවට දීමට කච්චි හේලය
    (පෙර සිරිත අනුව නම් සුදු රෙදි යාර හතක් මේ සඳහා යොදාගත්තා. දැන් නම් දෙන්නෙ සාරියක්.)
    මංගල මුදු
    මංගල මාලය
    දෙවැනි ගමන සඳහා අඳින සාරිය


    8. දෙපා දෙවීම

    මේ සිරිත නම් ඉස්සර කෙරුනෙ දුර මගක් ගෙවාගෙන එන මනමාලයා පෝරුවට ගොඩ වීමට පෙර දෙපා වල දූවිලි සේදීමට උනත් එහි යටි අරුත තම සොයුරියගේ අත ගන්නා මස්සිනාට මනාලියගේ බාල සහෝදරයාගෙ ගෞරවය පිරිනැමීමක් වශයෙනුයි. මේ චාරිත්‍රය මනාලියගේ බාල ඥාති සහෝදරයෙකුට උනත් ඉටු කරන්න පුළුවන්. මෙහිදී දෙපා සෝදන වතුර එකට මනාලයා විසින් රන් මුදුවක් තෑගි ලෙස දැමීම සිරිතක්.



    9. සතර වරම් දෙවියන් පිදීම


    අෂ්ඨක කියන්නා විසින් ත්‍රිවිධ රත්නයට පහනක් සහ සතර වරම් දෙවියන් උදෙසා පහන් සතරක් පෝරුවේ සතර අතින් තබා ඇති පුන්කලස් මත දැල්වීම සිදු කරනව. මෙය සිදු කරන ගමන් අශ්ඨක කියන්නා සභාවෙන් අවසර ගැනීම, තෙරුවන් වැඳීම සහ සතර වරම් දේවාරාධනාව කීම සිදු කරනව. අනතුරුව මගුල් බෙර හා සක් හඬ මැද මනාල යුවල පෝරු මස්තකාරූඪ කිරීම සිදු කරනව.



    10. පෝරු මස්තකාරූඪ කිරීම


    මනාල පාර්ශවය මනාලියගේ නිවසට හෝ වර්තමානයේ හැටියට මංගල ශාලාවට පැමිණි පසු නැකතට මනාලිය සහ මනාලයාව පෝරු මස්තකාරූඪ කිරීම සිදු කරනව. දෙපාර්ශවයේම පියවරුන් විසින් අතින් අල්ලා පෝරුවට දෙපසින් මනාලයා දකුණු පසිනුත් මනාලිය වම් පසිනුත් ගොඩ කිරීම සිදු කෙරෙනව. පෝරුවට යුවල නැංවීම ඇතැම් පළාත් වල මාමාවරු දෙදෙනෙක් විසින්ද සිදු කරනව.



    11. බුලත් හුරුළු

    පෝරුවට නැගීමෙන් පසු මනාල යුවල බුලත් අත් හතක් හුවමාරු කරගැනීමත් පඬුරු සහිත එම බුලත් අත් පෝරුව මත පතිත කිරීමත් සිදු කරනව. බුලත් අත් හත මගින් සංඛේතවත් කෙරෙන්නෙ අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරි කිත්තා හා මී මුත්තා යන හත්මුතු පරම්පරාවයි.



    12. මුදු හුවමාරුව සහ තැලි පිලි පැලඳවීම


    මනාලයාගේ දකුණතේ වෙදැඟිල්ලෙත් මනාලියගේ වම් අතේ වෙදැඟිල්ලෙත් මුදු පැලඳවීමෙන් අනතුරුව මනාලයා විසින් දෙවෙනි ගමනට මනාලිය අඳින සාරිය සංඛේතාත්මක ලෙස ඇන්දවීමත් මංගල මාලය පැලැන්දවීමත් සිදු කරනව.



    13. අතපැන් වත් කිරීම

    මින් අනතුරුව සුලැඟිලි පිරිත් නූලකින් බැඳ මනාලියගේ පියා විසින් අතපැන් වත්කොට තම දියණිය බෑණාට පවරාදීම චාරිත්‍රානුකූලව සිදු කෙරෙනව.



    14. ජය මංගල ගාථා සහ කිරිකඩ සේලය පිදීම


    යොවුන් තරුණියන් කීප දෙනෙකු විසින් නව යුවලට ආසිරි පතා ජය මංගල ගාථා කීම ඉන් අනතුරුව සිදු කෙරෙනව.

    ජය මංගල ගාථා වලින් පසුව මනාලියගේ මවට කිරිකඩ සේලය පිදීම සිදු කරනව. මවක විසින් දියණියකට පොවන ලද කිරි වල ණය කිසිදා ගෙවා නිම කල නොහැකි බව මේ කිරිකඩ සේලය පිදීම චාරිත්‍රයෙන් සංඛේතවත් කෙරෙනව.



    15. ඥාතීන්ට බුලත් පිදීම


    දෙපාර්ශවයේ දෙමව්පියන්ටත් වැඩිහිටි ඥාතීන්ටත් බුලත් දී වැඳීම මින් අනතුරුව ඉටු කරනව. වැඩිහිටියන්ට මනාල යුවල විසින් බුලත් දී වැඳ ආශිර්වාද ලැබීමත් දෙපාර්ශවයේ වැඩිහිටියන් හඳුනා ගැන්මත් මෙහි අරමුණයි.



    16. පෝරුවෙන් බැසීම

    පෝරුවෙන් බැසීමට පෙර අෂ්ටක කියන්නා විසින් ආශිර්වාද කවි ගායනා කිරීමක් සිදු කරනව. පෝරුවෙන් බසින්නෙත් නැකතකට සහ සුභ දිශාවකට අනුවයි. යුවතිපතීන් එකිනෙකාගේ අත් අල්ලා පෝරුවෙන් බසින මොහොතේදී මනාලියගේ මාමාවරයෙක් විසින් පොල් ගෙඩියක් කැත්තෙන් බිඳ වස් දොස් යැවීම සංඛේතවත් කරනව. පෝරුවෙන් බැස අවසාන චාරිත්‍රය ලෙස නව යුවල එක්ව පහන් දැල්වීම සිදු කරනව.



    17. ආදර බත

    නැකතට පෝරුව මත සිදු කෙරෙන සියළු චාරිත්‍ර වලින් පසුව මංගල සභාවේ කටයුතු ඇරඹෙන අතර කේක් කැපීම, සිසිල් පැන් බීම ආදී වාරිත්‍ර වලින් පසුව එලඹෙන්නේ ආදර බතට සහභාගි වීමයි.

    මගුල් දා දිවා භෝජනයට කියන්නෙ ආදර බත කියල. මීට අමතරව මගුලට පෙරත් පසුත් ලාදර බත, කෑදර බත හා යෝදර බත් කියල තිබුණත් වර්තමානයේ කාර්යබහුලකමත් වියදනුත් එක්ක ගත්තම මේ දේවල් ගිලිහිලාම ගිහින්.



    18. මංගල නැකතින් පිටත් වීම

    අවසාන වශයෙන් නැකතට සිද්ධ කෙරෙන්නෙ නව යුවල මධුසමයට පිටත් වීමයි. දෙපාර්ශවයේ මංගල සභා ඇමතීමේ කතා වලින් පසුව පිටත් වීමේ නැකතට මනාල යුවල මනාලියගේ නිවසින් හෝ මංගල උත්සව ශාලාවෙන් පිටත් වීම සිදු කරනව.


    උපුටා ගැනීම http://www.aniwa.lk/2017/05/09/1705094-wedding-traditions/
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    tfs ..

    but පොරොන්දම් කියන්නේ පට්ට පල් බොරු ..වෙන රටවල වුන් පොරොන්දම් බලලද බදින්නේ ,,

    මමත් විස්වාස කරන්නෑ . ඒත් ට්‍රැඩ්ෂනල් දෙමාපියන් ඉන්නවානම් ඉතින් ඔවා බලන්න වෙනවා අපි අකමැති උනත්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,690
    113
    Bump
    ගැලපෙනවන්ම් පොරොන්දම ගැලපුනත් නැතත් හැමදාම ඉදි. නැත්නම් ඉතින් දල යන එකා දල යනවා. සංස්කෘතියේ අංගයක් හැටියට මේවා කරට අවුලක් නෑ කියල හිතන්නේ.