මාස දෙකකට උඩදී මියගිය තම හාම්පුතාගේ සොහොන මත නිදන බල්ලකු ගැන පුවතක් ඉතාලියේ යුනියෝනේ සාරාදා පුවත්පත වර්තා කරයි. ඉතාලියේ සර්දේනියා පළාතේ ජීවත් වූ ජුසේප්පේ සුක්කා (60)මාස දෙකට පෙර හදිසි හෘදයාබාධයකින් මියගියේය. ඔහුට කිසිදු ඥාතියෙක් නොවීය. ඔහු ළඟ බල්ලෝ එකොළොස් දෙනෙක් හා බළල්ලූ හතර දෙනෙක් සිටියහ...