අපි හැමෝම ක්රිකට් වලට ආසයිනේ. ඉතින් ක්රිකට් වලට හැම දාම අලුත් අලුත් දේවල් එකතු වෙනවනේ. ඒ වගේ අලුතෙන් එකතු උන දෙයක් තමයි මේ තුන් වන විනිසුරු. මේක පිටිපස්සේ ඉන්නේ අපේම ශ්රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්රීඩකයෙකු හා දැනට ක්රිකට් රචකයකු වන මහින්ද විජේසිංහ නම් මහතායි. මෙය අපේ රටට මහත් කීර්තියක් දෙන කරුණක් උනත් අද මේ ගැන දන්නේ ඉතාම සුළු පිරිසක් විතරයි.මේක මේ අද ඊයේ ආපු දෙයක් නෙමේ. 1992 දී දකුණු අප්රිකාවේ ඩර්බන් හී පැවති දකුණු අප්රිකාව හා ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරඟයක් අතර තුර තමයි මේක අත්හදා බැලුවේ. ප්රථම තුන් වන විනිසුරු ලෙස ඉතිහාසෙට එක්වුණේ සිරිල් මිචලි හා කාර්ල් ලේබින්බර්ග් නම් විනිසුරු වරුන් දෙදෙනායි. තුන් වෙනි විනිසුරුගේ තීරණයෙන් ලෝකයේ ප්රථමයෙන්ම දැවී ගියේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් වෙනවා මේ තරගයේදීම දුවද්දී දැවියාමකට හසු වීමෙන්. දුවද්දී දැවී යාම් වලට යොදා ගත් මේ තාක්ෂණය ස්ටම්ප් කිරීම් වලට, LBW, පන්දුව බිම පතිත වී ක්රීඩකයකු විසින් පිතිකරු දවාගත්තේද නැද්ද යන්න තීරණය කිරීම, නෝ බෝල් පන්දු, හයේ පහර හා හතරේ පහර වල් සඳහා පිටියේ සිටින විනිසිරු කරුවන්ට උපකාරී වෙනවා.
මහින්ද විජේසිංහ මහතා
මහින්ද විජේසිංහ මහතා
මගේ අනිකුත් ක්රිකට් ත්රෙඩ්
ලෝකයේ~ක්රිකට්~ක්රීඩාංගන
Sri lankan Cricketers with their Wives, Kids & family members
Mahela is the best captain in the World - Akram
අළු-බඳුන
Last edited:
