ඕං ඉතිං වෙන්ඩ මාමණ්ඩිය ජම්බුගහයට, මම ගහ උඩ. දැන්නම් වෙව්ලිල්ල තවත් උග්‍ර උනා. හරියට කරන්ට් වැදුන වගේ. ඒ වෙව්ලුවෙ වෙඩිකාල මැරෙන්න තියෙන බයට නම් නෙමේ. වෙඩිකාල මැරුණත් කමක් නෑ කියමුකො. උන්දැගෙ මලකඩ කාපු උන්ඩෙකින් තුවාල වෙලා බැරිවෙලාවත් ජීවත් උනොත්...ආය කතා දෙකක් නෑ ෂුවර් ඇන්ඩ් ෂොට් පිටගැස්ම හැදෙනව...