නෙතින් නෙත බලාල සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවෙයි මේ ඇරඹුමක් නිසා
ඈත් බව දැනීලා ඔබේ හා මාගේ
දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමිවුණා දෝ අහිමි ආදරේ
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවෙයි මේ ඇරඹුමක් නිසා
පතන්නට පවා...