ගොඩ උනේ කොටුවෙන්ය ගෙදර එන්නට සිතා...
අසුනකට බර උනෙමි ඊයෙ නිදි නැති නිසා...
වෙනදාට දොරේ එන දුම්රියත් බැරි උනා...
නුහුරු නුපුරුදු බසයෙ කොනක මං තනිවෙලා...
කවුරුදෝ කොහෙන්දෝ යුවතියක් පැමිණිලා...
මා ළඟම වාඩිවුන මොහොතෙ මං හිනැහුනා...
දොඩමළුව ඇය එක්ක කැලණියත් පහු කළා...
සරසවිය නැවතුමෙන් මිතුරියක් ගොඩ...