1. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    තෙල් කරවලා & මුදු කරවලා මෙයාලා හරියට අඳුන ගන්න අවශ්‍ය නිසයි නැවතත් මේ ලංකාවේ හම්බෙන උඝ්‍ර විෂ කාණ්ඩයේ ඉන්න සර්පයින් කීප දෙනාගේ රූප පල කරන්නේ. හිස වෙන ම වෙන්ව පිහිටන්නේ නෑ. සිරුරේ ප්‍රමාණයටම තියෙන්නේ. දෙන්නගෙ පිටේ ඉරි රටාවලුත් ටිකක් වෙනස්. හුඟක් දෙනා නිර්විෂ අළු රදනකයන් කරවලුන් කියා හිතලා මරා...
  2. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    කබර රදනකයා | නිර්විෂ ගෙවත්තේ හමුවෙන සර්පයෙක්. ඉවත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ පූසන් එහෙම ගෙදර නැත්නම්. :yes:
  3. techytee

    Dolby Atmos Introduction Video

    Scope cinemas will equip Colombo City Center 6 screen mutiplex with Dolby Atmos.
  4. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    ඇහැටුල්ලා , ඇස්ගුල්ලා | සුළු විෂ හඳුනාගැනීම දේහය - පාර්ශවිකව පැතලි වූ සිහින් , දිගු දේහය .පැහැදිලි ගෙලක් සහිත, ක්‍රමයෙන් උල් වන , පෘෂ්ඨෝධරීයව පැතලි හිස . අග සිහින් වී , උල් වූ හොම්බ . හොදින් වැඩුණු සතුන්ගෙ හොම්බ කෙළවර තුණ්ඩ නෙරීමක් ( rostral appendage ) පිහිටයි . අවතල ලොරියල් පෙදෙස . තිරස්...
  5. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    මල් කරවලා/ නිහළුවා මල් කරවලා/ නිහළුවා | මද විෂ හඳුනාගැනීම - කෙටි , සිලින්ඩරාකාර පෘෂ්ඨිමත් දේහය. ගෙලට පිටුපසින් කොරල රහිත පටි ආකාර ප්‍රදේශ දෙකක අවටු ග්‍රන්ථි ( Nuchal glands ) පිහිටයි . පැහැදිලි ගෙලක් සහ පටු වටකුරු හොම්බක් සහිත හිස . ඇස් විශාලය, වෘත්තාකාර කණිකාවක් සහිතය. කෙටි වලිගය ...
  6. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    අහරකුක්කා අහරකුක්කා | නිර්විෂ
  7. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    මේ ඉන්නේ ගැරඬි පැටියෙක්. පොඩි කාලෙදි කලුයි. ඉරි තියෙනවා හරහට.
  8. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    හිස, කඳේ දිවෙන පුල්ලි/ඉරි රටා වලින්, වර්ණයෙන් තමයි ගොඩක් වෙලාවට සර්පයින් හඳුනා ගන්න තියෙන්නේ. එහෙම බැලුවම හැමෝම එක වගේ නෑ. එකිනෙකාට වෙනස් පැහැදිලි ලක්ෂණ එකක් හරි තියෙනවා. :yes:
  9. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    බොහොම වැරදි ආකල්පයක්. අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒකයි කොයි සතාගෙත් ජීවන ක්‍රමය. අපිට කවුරු හරි ගැහුවොත් අපි ගහපු කෙනාව මරන්නේ නෑනෙ. තමන්ගේ ජීවිතේට තර්ජනයක් ආවොත් එක්කො ඉන් බේරිලා යනවා නැත්නම් ප්‍රති ප්‍රහාර එල්ල කරනවා. කළ යුතු හොඳම දේ සතා ප්‍රකෝප නොකර ඉවසීමෙන් කටයුතු කරන එක මරන්නේ නැතිව. :no:
  10. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    පඳුරු මාපිලා | සුළු විෂ ලංකාවට ආවේණික වගේම කුඩාම මාපිල් විශේෂය. පඳුරු මාපිල්ලු අඳුරු පැහැයෙන් හම්බෙනවා. නිදි මාපිලා | සුළු විෂ නිදි මාපිලා අප රටේ හමුවන මාපිල් විශේෂ 5 අතුරින් සුලබව හමුවන මාපිල් විශේෂයයි.ඉතා සුළු විශක් සහිත නිදි මාපිලා වටා බොහෝ මිතයා කතාවන්ද අතීතයේ සිටම ගොඩනැගී...
  11. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    ඔව් අත හැපීමක්. ඒත් විෂක් නෑ. ඉඳිකටු අනිනවා වගේ වේදනාවක් තුවාලයක් විතරයි ඇති වෙන්නේ. හරියට අපි පූසො හුරතල් කරද්දී අත හපා කනවා සූරනවා වගේ.
  12. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    මල් රදනකයාට ලොකු තුවාලයක් මේ මල් රදනකයාට ලොකු තුවාලයක් සිද්ධ වෙලා. ඌට ප්‍රතිකාර කරලා තියෙන හැටි. මේ අහිංසක සතුන්ට කිසිම පිළිසරණක් නෑ. මේ වගේ පුද්ගලයන් නිසා තමයි මේ තරමටවත් සර්ප සම්පත රැකිලා තියෙන්නේ. කොහොම නමුත් දැන ගන්නට ලැබෙන ආකාරයට තුවාලයේ දරුණුකම නිසා මේ සතා මියගොස් තියෙනවා. :sorry...
  13. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    නිර්විෂ සර්ප දශ්ඨණ වලදී නිර්විෂ සර්ප දශ්ඨණ වලදී ප්‍රථමාධාරයක් ලෙස සපාකෑ ස්ථානය සබන් ගා සෝදා ලඟදී විදලා නැත්තන් පිටගැස්මට බෙහෙතකුත් විදගත්තම සේෆ්. විශාල තුවාලයේ ඇති අය, දියවැඩියාව තිබෙන අය ගර්භනී මව්වරු වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කිරීම නුවණට හුරුයි! :yes:
  14. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    අරණි දත් කැටියා (පැටියෙක්) | නිර්විෂ ලොකු වෙද්දී පාට වෙනස් වෙනවා
  15. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    පුල්ලි දත් කැටියා | නිර්විෂ කොහොමද ප්‍රමාණෙ :love:
  16. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    නැහැ. තිත් පොළඟා ලේසියෙන් ම අඳුන ගන්න පුළුවන් පිටේ තියෙන මේ පුල්ලි රටාවෙන්. මේ විදියට ඒකාකාරී පුල්ලි රටාවක් නැහැ පිඹුරන්ගේ.
  17. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    100 ගාණක් ඉන්නවා. හැබැයි ඒ ඒ ප්‍රදේශ, දේශ ගුණ වලට සීමා වෙලා.
  18. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    ගැරඬියා අතෑරියට උන්ට භූමිතෙල් ගහන එකම ඇති උගේ ජීවිතේ විඳවලා මැරිලා යන්න. මොන සර්පයා වුනත් මරණ එක හොඳ නෑ. මුන් නිසා තමයි පරිසරයේ සමහර තත්ත්ව රැකිලා තියෙන්නෙ. ගොඩක් දෙනාගේ ආහාරය මීයො ගෙම්බො වගේ සත්තු නේ. පුළුවන් තරම් බේරන්න උත්සාහ කරන්න.
  19. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    රදනකයගෙ හිස කඳින් වෙන්ව තියෙන්නෙ. ඒ කියන්නෙ බෙල්ලෙන් කුඩා වෙලා ඔළුව ලොකුවට. කරවලුන්ගෙ එහෙම හිස වෙන්ව පිහිටන්නෙ නෑ. අනික කරවලුන්ගෙ නැට්ට හීනියට දිගටියට නෑ. අග කොටස තමයි හීනි.

    No contents