මාර්ග ඵල ලබාගැනීම ගැන වර්තමානයේ නොයෙකුත් මතිමතාන්තර තිබෙන බව දැකිය හැකි ය. ඇතැම් ගිහි පුද්ගලයෝ ද මාර්ග ඵලවලට පත්ව සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. ගිහි පුද්ගලයන් පමණක් නොව, ඇතැම් පැවිද්දෝ ද තමන් මඟ ඵලවලට පත්ව සිටින බව ශ්‍රව්‍ය, දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරති. ගිහි භවතුන්ට කෙසේ වෙතත්...