1984 වසරේ දෙසැම්බර් මස දිනෙක රූපවාහිනී වැඩසටහන් නිශ්පාදකයෙකු වුනු ජේමී ශැන්ඩෙරා නැමැත්තාගේ කැලිෆෝනියානු නිවෙසට කුඩා නිර්නාමික පැකට්ටුවක් තැපෑලෙන් ලැබුනා. එය තුල මි.මි 35 ඡායාරූප නෙගටිව් පටියක් තිබුණු අතර එය විකාස කල (develop) ශැන්ඩෙරා හට එහි සටහන්ව තිබූ අතිශය රහසිගත යයි සටහන් කොට තිබුණු පිටු...