ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්රද්ධාවන්ත කුල පුත්රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි...