දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන්

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන්

    විෂ්ණූ කතරගම ආදී දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ පිහිට සෙවීමෙන් සරණ ශීලය බිඳී බෞද්ධත්වය නැති වේ ද?



    ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනය යි. සරණ ගමන දෙකක් ඇත්තේය. ලෝකෝත්තර සරණගමනය ඇත්තේ චතුරාර්යසත්‍යය ප‍්‍රත්‍යක්ෂ කළ සෝවාන් සකෘදාගාමී ආනාගාමී අර්හත් යන ආර්ය පුද්ගලයන්ට ය. එය කවදාවත් කිළිටි වන්නේත් නැත. බිඳෙන්නේත් නැත. එය මරණින් ඔබ්බෙහි ද නො වෙනස් ව පවතින්නේ ය. ආර්ය පුද්ගලයෙකු කාලක‍්‍රියා කොට අන් භවයක උපන් කල්හි ද ඔහු ගේ සරණ ගමනය එසේම ඇත්තේය. පෘථක්ජන පුද්ගලයන් ගේ සරණ ගමනය ලෞකික ය. එහි කිළිටිවීමත් බිඳීමත් ඇත්තේ ය.


    ”ලෞකික සරණ ගමනං තීසු වත්ථුසු අඤ්ඤණ සංසය මිච්ඡුාඤණාදිහි සංකිලිස්සතී ” යි ලෞකික සරණගමනය බුද්ධාදි රත්නත‍්‍රය කෙරෙහි නො දැනීම ය. සැකය , වැරදි දැනුමය යනාදි කරුණුවලින් කිලිටි වන බව භයභේරව සූත‍්‍ර අටුවාවෙහි දක්වා තිබේ. බුදුන් සරණ යෙමි යනාදීන් කීවත් බොහෝ දෙනාගේ සරණ ගමනය කිලිටි වන්නේ බුදුන් වහන්සේ සව_ඥ ද? නැත් ද? අසවල් කරුණ බුදුනට නොපෙනුනේ මන් ද? රත්නත‍්‍රයෙන් පිහිටක් ඇත් ද? නැත් ද? යනාදීන් පහළ වන සැකවලිනි.


    ආගම් ඇදහීමෙන් වැඩක් නැත කියා රත්නත‍්‍රය අතහැර දැමීමෙන් ද දේව බ‍්‍රහ්මාදි අනිකකු තමා ගේ ගැලවුම්කාරයා ලෙස පිළිගැනීමෙන් ද මරණයෙන් ද ලෞකික සරණගමනය බිඳේ. එය ලෝකෝත්තර සරණගමනය සේ භවාන්තරයට නොයන්නේ ය. රත්නත‍්‍රය සරණ ගිය තැනැත්තා විසින් එයින් බලාපොරොත්තු විය යුත්තේ බුදුරජාණන් වමන්සේ ගේ ධම_ය අනුව පිළිපැද අපායෙන් මිදීමත් සගමොක් සැප ලැබීමත් ය. වෙනත් පිළිවෙලකට කියතහොත් ජාති ජරා මරණාදි දුක් කෙළවර කිරීමයි.


    ආහාර පාන සපයා ගැනීම

    ඇඳුම් පැළදුම් සපයා ගැනීම

    ගෙවල් දොරවල් යාන වාහන සපයා ගැනීම

    පුරුෂයන්ට භාර්යාවන් සොයා ගැනීම

    ස්ත‍්‍රීන්ට ස්වාමිපුරුෂයන් සොයා ගැනීම

    දරුවන් නැති අයට දරුවන් ලබා ගැනීම

    නැති වූ අය සොයා ගැනීම

    නැති වූ බඩු සොයා ගැනීම

    රෝග සුවකර ගැනීම

    ග‍්‍රහ අපල දුරු කර ගැනීම

    රෝග සුවකර ගැනීම

    ග‍්‍රහඅපල දුරුකර ගැනීම

    සතුරු උවදුරු නැතිකර ගැනීම

    අමනුෂ්‍ය භය, ඇස්වහ කටවහ දෝෂ නැතිකර ගැනීම

    සූනියම් දෝෂ නැතිකර ගැනීම

    විභාගවලින් සමත්වීම


    යනාදි මනුෂ්‍යයන් විසින් බලාපොරොත්තු වන නොයෙක් කරුණු රත්නත‍්‍රයෙන් සිදු කරගත නොහැකි ය. එ්්වාට අන් පිහිටවල් සොයා ගත යුතුය. එ් උවමනා ඉටුකර ගැනීමට දෙවියකුගෙන් හෝ මිනිසෙකුගෙන් හෝ යකෙකුගෙන් හෝ තිරිසනකුගෙන් හෝ කාගෙන් හෝ පිහිට ලැබිය හැකි නම් ලබා ගත්තාට සරණගමනය කිලිටි වීමක් හෝ බිඳීමක් නොවන්නේ ය. ආහාරපාන සොයා ගැනීමී ආදී සෑම කරුණකට ම රත්නත‍්‍රයේ පිහිට සොයන්න යාම අනුවණ කමකි.


    බෞද්ධයන් විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේත් රෝග සුවකර ගැනීම, අපල දුරුකර ගැනීම්, නඩුහබවලින් නිදහස් වීම් ආදි කරුණුය.


    එ් දෙවිවරුන්ට පුද පූජා පවත්වා ඔවුන්ගෙන් එ්වාට උපකාර ලබා ගැනීම වෙදමහතෙකුට, නීතිඥයෙකුට, වෛඥයෙකුට, ආණ්ඩුවේ නිලධාරියකුට තෑගි බෝග පිරිනමා යම් කිසි උපකාරයක් ලැබීම වැනි කරුණකි.


    දෙවියන් සතුටුකොට දෙවියන්ගෙන් එබඳු උපකාරයක් ලැබීම වරදක් නම් රත්නත‍්‍රයේ පිහිට ම නොසොයා මිනිසකුගෙන් උපකාරයක් ලැබීමත් වරදක් විය යුතුය. දේව පූජාවට විරුද්ධ දෙවියන්ගෙන් පිහිට හෙවත් උපකාර ඉල්ලීමට විරුද්ධ අය මිනිසුන් ගේ පිහිට හෙවත් උපකාර සොයනවාට විරුද්ධ නොවෙති.
    බෞද්ධයා විසින් සෑමදෙයට ම රත්නත‍්‍රයේ පිහිට ම සෙවිය යුතුනම් වෙදමහතුන්ගේ, නැකැත්කරුවන්ගේ, නීතිඥයන්ගේ පිහිට සෙවීම, පොලීසියේ පිහිට සෙවීම නොකළ යුතු වන්නේ ය.


    රෝග බිය, අමුනුෂ්‍ය බිය ආදිය දුරුකර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් පිරිත් දේශනය කර ඇත්තේය. එහෙත් බෞද්ධයන් විසින් පිරිතෙන් ම එ්වා කරගත යුතුය කියා උන්වහන්සේ ගේ නියමයක නැත්තේ ය.
    භික්ෂූන් වහන්සේට විනයෙහි බෙහෙත් අනුදැන වදාරා ඇත්තේ පිරිතෙන් ම රෝග සුවකර ගත යුතුය කියා නියමයක් නැති නිසා ය.
    අමනුෂ්‍ය බිය දුරුකර ගැනීමත් පිරිතෙන්ම කළ යුතුය කියා තථාගතයන් වහන්සේ ගේ නියමයක් නැත.


    තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී එක් භික්ෂුවකට අමනුෂ්‍යබාධායක් හටගත්තේ ය. ආචාෙර්යා්පාධ්‍යායයන්ට එ් භික්ෂුව ගේ රෝගය සුවකළ නොහැකි විය. එ් භික්ෂුව තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමු ඌරුමස් කා ඌරු ලේ බීවේ ය. රෝගය එයින් සුව විය. එ් කාරණය භික්ෂූහු සර්වඥයන්වහන්සේට සැළ කළහ. එකල්හි උන් වහන්සේ ”මහණෙනි, අමනුෂ්‍ය උවදුරු දුරු කර ගැනීමට මා විසින් වදාළ පිරිත් ඇත්තේ ය. තෙපි එ්වායින් අමනුෂ්‍ය උපද්‍රවයන් දුරුකර ගනිව්ය” යි නො වදාළ සේක. ”අනුජානාමි භික්ඛවේ අමනුස්සිකාබාධෙ ආමක මංසං ආමක ලොභිතං” යි වදාරා එ් භික්ෂුව කළ දෙය ම ස්ථීර කළ සේක.


    ”පුන ච පරං මහානාම කුලපුත්තෝ උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි මහාබලපරිචතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ෙධිහි යාවතා බලිපටිග්ගාහිකා දෙවතා සක්කරොත් ගරු කරොති මානෙති පූජෙති තමෙනං බලිපටිග්ගාහිතා දෙවතා සක්කතා ගරු කතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති චිරං ජීව දීඝ මායුං දෙවතානුකම්පතස්ස මහානාම කුලපුතත්තස්ස වුද්ධි යෙව පාටිකංඛා නො පරිහානි” යනුවෙන් ”මහානාමය, තුලපුත‍්‍ර තෙමේ දෑතේ විර්යයෙන් දහඩිය වගුරුවා මහන්සියෙන් සපයා ගත් වස්තුවෙන් පූජා පිළිගන්නා දේවතාවන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, සිතින් ආදරය කෙරේද, පූජා කෙරේද, එසේ පූජා සත්කාර කරන ලද්දා වූ ගරු කරන ලද්දා වූ එ් දේවතාවෝ එ් කුලපුත‍්‍රයා හට යහපත් සිතින් චිර කාලයක් ජීවත් වේවා යි අනුකම්පා කරන්නා හ. මහානාමය, දේවතානුකම්පාව ලබන්නා වූ කුලපුත‍්‍රයා හට දියුණුවක්ම වන්නේය. පිරිහීමක් නොවන්නේය” යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. මේ දේශනාවෙන් දෙවියන් පිදීම තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති බව පෙනේ. ඉදින් දෙවියන් පිදීම වරදක් නම්, බෞද්ධයන් විසින් නොකළ යුත්තක් නම්, තථාගතයන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ .
     
    Nov 27, 2015
    45
    3
    0
    වටිනා ලිපියක්. මගේ මතේ නම් ඔනැම දෙවි කෙනෙක් වැදීමෙන් පිදීමෙන් මිනිස්සු ලබන්නේ මානසික සුවයක්. එකේ ශාරීරික බලපැමක් ලැබෙන්නේ ඒ මානසික සුවය මගින්, එතන තියන ප්‍රාතිහාර්ය ඒකයි. එවිට මිනිස්සු ඒක දේව හාස්කමක් ලෙස දකිනවා. කොහොම වෙතත් මම නම් බාරහාර, යැදුම් වලට යන කෙනෙක් නෙමෙයි. ඒත් ඒක කරන මිනිස්සුන්ට අන්ද බක්තිකයො හො මිත්යා දුශ්ටිකයො කියලා ලේබල් ගහන්න මම කැමති නැ. ඒක ඒ අයගේ අයිතිය. හැබැයි ඒ අයිතිය බහුතර මහජනයාට හිරිහැරයක් නොවන හැටියට කලානම් තමා වටින්නේ.
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    විශ්නු කතරගම දෙවිවරැ කියන්නෙ දෙමල ආගමේ එන දෙවි වරු නේද? . මම නම් දේවාලෙ ගානෙ යන එකට එච්චර කැමැත්තක් නෑ. මිනිස්සුන්ට තමන්ගෙ වැඩේ කෙරෙනව නන් දෙවියො නෙමේ යක්ශයොන්ටත් දෙවියො කියයි.


    දෙවියන්ට පින් දෙන එක නම් ගොඩක් හොදයි. ඒ වගේම මතක තියා ගන්න ලන්කවෙ ඉන්න දෙමල දෙවි වරැන්ට වගේම අපේ ආගමේ එන ශක්‍ර දෙවියන් , තංතුසිත දෙවියන් , සුනිම්මිත දෙවියන් වගේ දෙවි වරැන්ටත් පින් දෙන්න . මොකද එ දෙවි වරු ගන සදහන් වෙන්නෙ අපෙ ආගමේ නිසා.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    වටිනා ලිපියක්. මගේ මතේ නම් ඔනැම දෙවි කෙනෙක් වැදීමෙන් පිදීමෙන් මිනිස්සු ලබන්නේ මානසික සුවයක්. එකේ ශාරීරික බලපැමක් ලැබෙන්නේ ඒ මානසික සුවය මගින්, එතන තියන ප්‍රාතිහාර්ය ඒකයි. එවිට මිනිස්සු ඒක දේව හාස්කමක් ලෙස දකිනවා. කොහොම වෙතත් මම නම් බාරහාර, යැදුම් වලට යන කෙනෙක් නෙමෙයි. ඒත් ඒක කරන මිනිස්සුන්ට අන්ද බක්තිකයො හො මිත්යා දුශ්ටිකයො කියලා ලේබල් ගහන්න මම කැමති නැ. ඒක ඒ අයගේ අයිතිය. හැබැයි ඒ අයිතිය බහුතර මහජනයාට හිරිහැරයක් නොවන හැටියට කලානම් තමා වටින්නේ.

    දෙවියන්ගෙන් යමක් ඉල්ලීම සම්පූර්ණයෙන්ම ලෞකික දෙයක්. ඒක ධර්මය එක්ක පටලවගෙන ඉන්න අය තමයි මේවට විරුද්ධව කතා කරන්නෙ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විශ්නු කතරගම දෙවිවරැ කියන්නෙ දෙමල ආගමේ එන දෙවි වරු නේද? . මම නම් දේවාලෙ ගානෙ යන එකට එච්චර කැමැත්තක් නෑ. මිනිස්සුන්ට තමන්ගෙ වැඩේ කෙරෙනව නන් දෙවියො නෙමේ යක්ශයොන්ටත් දෙවියො කියයි.


    දෙවියන්ට පින් දෙන එක නම් ගොඩක් හොදයි. ඒ වගේම මතක තියා ගන්න ලන්කවෙ ඉන්න දෙමල දෙවි වරැන්ට වගේම අපේ ආගමේ එන ශක්‍ර දෙවියන් , තංතුසිත දෙවියන් , සුනිම්මිත දෙවියන් වගේ දෙවි වරැන්ටත් පින් දෙන්න . මොකද එ දෙවි වරු ගන සදහන් වෙන්නෙ අපෙ ආගමේ නිසා.

    කතරගම දෙවියො දෙමළ දෙවි කෙනෙක් නෙමෙයි. ඒක පස්සෙ කාලෙක හදාගත්ත වැරදි මතයක්.

     
    Nov 27, 2015
    45
    3
    0
    දෙවියන්ගෙන් යමක් ඉල්ලීම සම්පූර්ණයෙන්ම ලෞකික දෙයක්. ඒක ධර්මය එක්ක පටලවගෙන ඉන්න අය තමයි මේවට විරුද්ධව කතා කරන්නෙ.
    ඔව්. හැම දෙයක්ම විද්යාවෙන් පැහැදිලි කරලා සාමාන්ය මිනිස්සුන්ට ගරහන එක මොඩකමක්. සමහර මහාචාර්යවරු පවා තොවිල් බලි ඇරීම් සම්බන්දව ඔය විවේචනය කරනවා එතන වෙන්නේ මානසික සුවයක් මොහනය වීමක් කියලා. ඔව් ඒක ඇත්ත..

    නමුත් ඒක වැරදියි, දොස්තරලා කරන දේතමා හරියි කියන එක මොඩ කමක්.. මොකද දොස්තර කෙනෙක් ඒ දේම කලොත් ඒ රොගියා සුව නොවෙන්න පුලුවන් දොස්තර කපුවෙක් නොවන නිසා. මේව ජනසමාජය තුල කාලයක් තිබ්බ දේවල්. ඒවා වැරදියි, ඒ මිනිස්සු මොඩයි, විද්යාව මේකයි කියලා තොවිල් පොලවල් වලට පැනලා දොස්තරලා එතන යකා නටන එක දැන් ෆැශන් එකක් වෙලා... දෙරනේ හැම පොහොය දවසකම, නොපෙනෙන මානය කියලා යන ප්‍රොග්‍රැම් එකෙන් බුද්ද දර්මය පවා හැල්ලුවට ලක් කරනවා මේ ඔක්කොම කලවම් කරගෙන ධර්මයත් එක්ක.,,
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Deviyan wadina ekawath,yantra dana ekawath,nekath balana ekewath kisima wereddak ne.e okoma use karaganna one tamange benifit ekata.Moha(Delusion),Avidya(unawareness) eken tamai midenna one.gas,gal,pilima,deviyotama anda wela ewata weda weda e mattema nahenawanan tamai dharmayata pataheni wenne.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Deviyan wadina ekawath,yantra dana ekawath,nekath balana ekewath kisima wereddak ne.e okoma use karaganna one tamange benifit ekata.Moha(Delusion),Avidya(unawareness) eken tamai midenna one.gas,gal,pilima,deviyotama anda wela ewata weda weda e mattema nahenawanan tamai dharmayata pataheni wenne.

    true machan