එපා හිරු පායන්න
අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස
ඇගෙන් මා හා
මගෙන් ඈ සමුගන්න..
සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුගඳුර
සතර අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොළ මිදී මිදී නැවතී ඉන්න
එපා හිරු පායන්න ....
ලිය මඩල තුරු සිරස
එපා මල පළඳින්න
වසන්තය නිමාවී කොවුලනේ ගොළුවන්න
සොබාදම් නෑසියනි...