බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන් පුපුරන්නෙය කෝප විකාරෙන්.....
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අය්යෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව්රජුනේ ලක රක්නා......
ජාතික ආලෙහි ජීවනගා කිරි දී වෙඬරූ රස දුන්නූ
මේ ලක ගොයි මහගේ සතු සම්පත කොයිබද ඒ කිරි දෙන්නූ...