පියාපත් වළාකුළු සුළං රැළි සැළිලා
සරුංගල් හිරු එළිය මුහුදු හඩ වෙළිලා
නිදහසේ මහෝඝය මැවීලා
හිනාවෙයි ගල ගලා
ගලා යයි හිනැහිලා
පවුරුදොර විවරයෙන් පැනලා
නිදහසට යා නොහකි කොටු පවුර මුදුනේ
අලි ඇතුන් මුර කරන ගොර සපුන් විමනේ
ජීවිතේ මී බඳුන රැදුනේ
වංග ගිරි මාවතෙ සොයා ගිය ජීවිතේ
මළ කදයි නිදහසයි මඟදි මුණ ගැසුනේ...