දඩු වැටට කොට ඇද්ද අලිඇත්තු නසලා
පෙරහැරට දල දිගට ඇති ඇත්තු සොයලා
සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා
අවිගත්තු පින්වත්තු දාගැබට විදලා
උතුරින්ද දකුනින්ද නුඹ ආවෙ කියලා
කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කෙ උඹලා
කෝවිලට ගිනි බින්ද වෙඩි උන්ඩ නසලා
නිල් අහස පරවින්ට ඉඩ හරිමු සොයලා
දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා...