මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්
පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද
ඒ එලියෙන් මහද පහන් දල්වනු කෙලෙසේ කියන්න. .
මලක් උනේ . .
සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොන්දුරු වදන් මුමුනනු කෙලෙසේ කියන්න...