සඳ සුමුදුයි මෘදු සිසිලයි සඳ නැතුව ම බැරි හන්දා
හිරු තෙද ලෙස ලොව බබලයි හිරු නැතුව ම බැරි හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව මව් පදවිය දුන් හන්දා
හිරු සඳු ලෙස මගෙ ලෝකෙට එළිය දිදී ආ හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව පිය පදවිය දුන් හන්දා
දස මසක් ම මා සමඟින් එකට හුස්ම ගත් හන්දා
මගෙ දිවියෙන් ලද සතුටයි නුඹ ජීවය...