නැවුම් ලොවක තනිවෙන්නට
සිහින දකින සුරංගනාවී
බැඳුණු දෙහද වෙන් නොකරන
මල් හී සරයක් වෙමි මම
සොයුරු පෙමක අරුත කියා දී
පෙම්වතුන් වෙලා දොඩමලු වෙද්දී
පවනක් වී ගිමන් නිවන්නම්
ගත උණුසුම් වන යාමේ
ස්නේහයෙන් බලා ඉන්නා
ඈත අහසෙ තරුවක් වී
රැඟුම් ගේන්නම්
නැවුම් ලොවක .............
පැතුම් ඉටුවෙනා මංගල දිනයේ...