රතට රතේ තොල්පෙතිවල සායම් ගාලා
කිටි කිටියට ඇගට තදට ඩෙනිමක් ඇඳලා
යන එන විට එහෙට මෙහෙට හොඳට ගස්සලා
ගෑණු හිතන්නේ එයාල හැඩැයි කියලා
කොණ්ඩය වවලා නැතිනම් තට්ටය ගාලා
අමුතු කමිස දිගට හිරට කලිසම් ඇඳලා
පාරෙ යනව බොහොම උජාරුවෙන් බල බලා
පිරිමි හිතන්නේ එයාල හැඩැයි කියාලා
කවුද බලමු වැඩිපුර දෙන්නාගෙන් ලස්සන...