සිතින් විතරක් ලංවෙලා
අහිමි බැව් දැන පෙම් කළා
නොසිතු මොහොතක රන්ඩුවී හිත
ඔබව ඉල්ලල බල කළා
ඇසිපියන් යට මගේ සිහින හංගා පාඩුවේ
ළංවුණේ මම නොවේ යටි හිතයි මං වුණේ
මගේ යැයි හැඟිලා හදේ ඉඩ සෙව්වා
මට ඉඩක් නැති නිසා හඬයි සිත මගේ රෑ දිවා
තෙතමනේ නැති හිතේ නැතුව ඇති මට ආදරේ
වැරදි මා ඔබ නොවේ වරද සැමදා මගෙ අතේ...