ඔව් බන් මම තාම කීල්ස් ආපිකෝ වගේ ඒවට ගිහින් නෑ. මම ඉතින් පොළෙන් තමයි බඩු ගන්නේ. අඩේ ඒවා ඇතුලට ගියහම අපිට මහත්තය කියලා කතා කරනවද බන්? මට නම් ලැජ්ජයි එහෙම කතා කරද්දි. පුරුදු නෑ. අනික ඒවට ගියහම ලොකු ගානක බඩු ගන්න ඕනේ නේද බන්. රුපියල් 200ක විතර බඩු ගත්තොත් අපිට හිනා වෙයි නේද අපෝ සල්ලි නැද්ද කියලා...