පලමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණකඳ
දෙවනුව සද්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනුව මහ සංඝ රත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ
කියනව අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ
කිරෙන් සපිරි අපෙ ලක් දිව අසුවුනි ඉංග්‍රිසි රජුන්ට
කෙලින් ඉන්න නොදී අපට බලේ ගත්ත ඔවුන් අතට
පිටින් ආව හම්බහෙට්ටි හැත්ත පිරුන...