ආදර හසුනක් හෙමින් ඇවිල්ලා...
ආදර හසුනක් හෙමින් ඇවිල්ලා
මුමුනනවා නුඹ ගැන වදනක්
නොනිමි කවක් මා ගතේ වෙලෙනවා
පන්හිඳ අද්දර ඉකිබිඳිමින්...
සරසවි සෙවනේ ආදර මංපෙත
වැසී ගිහින්දෝ සුවඳ මලින්
පෙමින් බැඳුනු ඒ සුපෙම්වතුන්
සක්මනින් වඩීදෝ ඇයව අරන්...
දහසක් ලීවද ගී පද මාලා
රැය නිදිවරමින් අඳුර ඉරන්...