අම්මේ මතකයි නම්...
අම්මේ මතකයි නම්
මං පොඩි කාලේදී ඔබ මට ගී කිවුවා...
අම්මේ මතකයි නම්
මං පොඩි කාලේදී මා ලග නිදි වැරුවා...
මට හීන ගෙනාවා..ඒ හීන පිබිදුවා...
මට අකුරු කියෙවුවා..මගෙ දෑස පෑදුවා...
ඉර හඳද පෙන්නුවා..හොද නරක පැහැදුවා...
පාසලට හැරලුවා..මගෙ කදුළු පිසලුවා...
නිම් නෑ මගෙ අම්මේ..ඔබෙ සිහිලස...