මෑණියනි හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා
මා ලයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා
ජීවිතයේ මහ සොඳුරු මිහිරි සිහින ඔබ තමා
මෑණියනි ඔබේ දෙපය අසල වඳිමි දන නමා
ඔබෙ හසරැලි ඔබේ කඳුලැලි මට දැක පුරුදුයි
ඔබේ පුදහස ඔබේ අදහස මට හුරුපුරුදුයි
සිරුර පුරා දිවයන ලේ සුවඳ සුපුරුදුයි
සිරස නමමි ඔබේ නාමය සදා පිවි...