MHPzS2zQiH4
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා...
වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමණක් රජ වෙලා...
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා...