මම දන්න පවුලක් හිටියා අම්මයි තාත්තයි දුවයි පුතයි. රජ වෙන්න නැති වුණත් කාල ඇඳල ලස්සනට ඉන්න පුළුවන් ආර්ථිකයක් එයාලට තිබුණා. මට මතකයි පුතා පොඩි කාලේ අම්මා එයාව නැළෙව්වෙ මෙහෙම කියලා.
මගෙ පුතු හරි හපනා - හෙට කොළඹට යනවා
පනම් හතක් ලබලා - මටත් දෙකක් දෙනවා
ඔන්න ඉතිං මේ පුතා හොඳට ඉගෙනගෙන විභාග පාස් කරල...