1. yasidubihansa

    මහ ගෙදර කාටද?

    ලංකාවේ ගොඩක් පවුල් වල ළමයි කීප දෙනෙක් ඉන්නවා. හැබැයි තියෙන්නේ එක ගෙදරයි එක ඉඩමයි. අම්ම තාත්තා වයසට ගියාම ඕක ඉන්න ඔක්කොටම බෙදන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ළමයි ඕක බදාගන්න රණ්ඩු කරනවා. ඉතින් ප්‍රශ්න ගොඩයි. සමහර දෙමාපියෝ ඉඩම වැඩක් ගන්න බැරි තරම් පොඩි පොඩි කොටස් වලට බෙදල දෙනවා. තව අය ඉඩමයි ගෙදරයි...
  2. yasidubihansa

    ලබා ගත්ත වඩාත්ම සතුටුදායක සේවා සහ නිෂ්පාදන මොනවද?

    අපි service එකක් හරි product එකක් හරි සල්ලි දීල ගන්නේ ඒක ගෙවන මුදලට වටිනවා කියලා හිතලානේ. හැබැයි 99% ක් ම ඒවා ගැන සතුටුදායක නැහැ නේද? ඉතින් ඔයාලා ලබාගත්ත මොකක් හරි service එකක් / product එකක් ගැන හිතට ලොකු සතුටක් තියෙනවා නම්, ඒක ගැන මෙතන share කරන එක හොඳ product එකක්, service එකක් ගන්න හිතන තව...
  3. yasidubihansa

    දැන් මේසන් බාස් ලගේ, කුලී වැඩ කරන අයගේ දවසේ පඩිය කීයද?

    දැන් මේසන් බාස් ලගේ, අත් උදව් කරන අයගේ, කුලී වැඩ කරන අයගේ දවසේ පඩිය කීයක් දෙන්න ඕනද? වැලි බ්ලොක් ගල් එහෙම ටිකක් ඇදගන්න තියෙනවා වෙන තැනකට. බිත්ති බඳින වැඩකුත් තියෙනවා.
  4. yasidubihansa

    IELTS කරන්න උපරිම වයසක් තියෙනවද?

    IELTS කරන්න උපරිම වයසක් තියෙනවද? මන් ඇහුවේ ඕකට ඉතින් class යන්න වෙනවනේ. දැන් මට 35 ක් නිසා class එකේ ඉන්නේ පොඩි උන් උනොත් මල මගුලයි. උන් අහයි සීයේ දැන් ඇයි පන්ති ආවේ කියලා.
  5. yasidubihansa

    IT Team එකක communicate කරන්න හොඳම chat app එක මොකක්ද?

    Team එකක් තැන් කීපයක ඉඳලා software development, web development වගේ project එකක් කරනකොට communicate කරන්න හොඳම chat app එක මොකක්ද?
  6. yasidubihansa

    ව්‍යාපාර කරන අයගෙන් උපදෙසක් ඕන

    ව්‍යාපාරයක ගිණුම් කටයුතු කරන team එකට / සේවකයාට ඒ ව්‍යාපාරයේ බැංකු ගිණුම් වලට login වෙන්න අවසර දෙනවද සාමාන්‍යයෙන්? උත්තරය ඔව් නම්, ඒ සේවකයාට ගිණුමේ සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් නිසා අවදානම් නේද? උත්තරය නැහැ නම්, ඒ සේවකයා දිනපතා ගිණුම් balance කරන්නේ කොහොමද?
  7. yasidubihansa

    මුනේ ගාන්න හොඳ cream එකක් කියන්න

    මගේ මුනේ තැන් තැන් වල සුදු පාටට හම ගැලවෙනවා වගේ. ඒක පොඩි එකාගේ baby cream ටිකක් ගෑවොත් වැහිලා යනවා. ඒ උනාට ගාපු තැන් අව්වට ගියාම කළු වෙලා වෙනම පේනවා. කඩවල් වල තියෙන fair and handsome එහෙම නම් මන් ගාන්න කැමති නැ. ඒවා ගාවම makeup කරා වගේ වෙනම පේනවා ගාලා කියලා. මට හමේ පාට වෙනස් කරගන්න ඕන නෑ. මුනේ...
  8. yasidubihansa

    මේ ලෙඩේ මොකක් වෙන්න පුළුවන් ද?

    මගේ බඩේ මේ පෙන්නලා තියෙන තැන වගේ චුට්ටක් රිදෙනවා. රිදෙනවා කිව්වට ඒක දැනෙන්නෙත් නෑ ලොකුවට. වෙනසක් තියෙනවා ඉතින්. අපිට අතට ලොකු ඇටයක් අහුවෙනවනේ ඉන ඇල්ලුවම. එකේ උඩම ඉඳන් අඟලක් විතර පහලින් බඩ ඇතුලට වෙන්න තමා එහෙම දැනෙන්නේ. පස්සේ භයානක ලෙඩක් වෙන එකක මුල් සලකුණු ද දන්නේ නෑ නේ. ඒ නිසා ඇහුවේ.
  9. yasidubihansa

    Freelancing IT කරන එක business එකක් විදිහට ලියාපදිංචි කරගන්න ඕන

    මම දැනට IT related වැඩ freelancer කෙනෙක් විදිහට online කරනවා. මට ඒක business එකක් විදිහට register කරගන්න ඕන. කොහොමද කරගන්නේ?
  10. yasidubihansa

    winwin lk කියන්නේ මොකක්ද බන්?

    පිරමීඩයක් ද?
  11. yasidubihansa

    එප් බී එක හැක් කර ගමුත?

    අද උදේම මෙහෙම fb notification එකක් ආවා. එවල තියෙන්නේ මේ page එකෙන්. sure එකටම ලංකාවේ පරයෙක්ගේ වැඩක් වෙන්න ඇති. account එක confirm කරන්න ගිය උන්ට, ගෞරවයෙන් බුදු සරණයි.
  12. yasidubihansa

    ලක්ෂයක් තියෙනවා. FD දාන්නද?

    savings account එකේ ලක්ෂයක් එකතු වෙලා තියෙනවා. ඒක ස්ථාවර තැම්පතුවක දාන්නද? පොඩි ගානක් හින්දා වෙන කරන්න දෙයක් ඔලුවට එන්නෙත් නෑ. මේ දවස් වල බැංකු වල මොකක්දෝ case එකක් යනවා නේද? ඒ නිසා fd දැම්මට කමක් නැද්ද?
  13. yasidubihansa

    නළ ළිං ගහන්න අවසර ගන්න ඕන ද?

    මගේ ඉඩමේ ගෙදර පාවිච්චියට නළ ලිඳක් ගහන්න රජයේ ආයතන මොනවගෙන් හරි අවසර ගන්න ඕන ද?
  14. yasidubihansa

    වැසිකිලි වලේ මදුරුවන් ට මොකද කරන්නේ?

    වැසිකිලි වලේ මදුරුවෝ හැදිලා ඉන්නවා. මොන විදිහට සිදුරු වැහුවත් උන් කොහෙන් හරි එනවා. මොනා වත් දාන්නත් බයයි. ඕවා පුපුරනවා නේ. මොකද කරන්නේ?
  15. yasidubihansa

    කියවන්න හොඳ නවකතා පොත් ටිකක් කියාගෙන යන්න.

    මං වැඩිය පොත් රසිකයෙක් නෙවෙයි. විවේකයක් ගන්න වගේ පොත් ටිකක් කියවන්න ගන්න හිතුවා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා පොඩි ළමයිට නොගැලපෙන විදිහේ දේවල් තියෙන නවකතා පොත් නොවෙන්නත් ඕන. මොකද ගෙදර තියෙන පොත් ළමයිත් කියවන්න try කරනවනේ. මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත් නම් ගෙදර තියෙනවා.
  16. yasidubihansa

    Facebook වැඩ්ඩෝ එන්න

    සමහර facebook pages තියෙනවා කොල්ලෝ විතරක් target කරලා followers ලා කරගන්න try කරන. සමහර pages වල කෙල්ලෝ විතරයි target කරලා තියෙන්නේ. තවත් fb pages පොඩි උන් ඉන්න අම්මලාට. wife ලට වෙනම. මේවා ගොඩක දාන posts මෙලෝ වැඩකට නැති ඒ උනාට ගොඩක් අය share කරන ඒවා. මේ pages හදන එකෙන් admin ලට ඇති වාසිය මොකක්ද?
  17. yasidubihansa

    මීඩියා කාරයොන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?

    අපි හිතමු ඔයාගේ දරුවෙක් පාරේ යනකොට මොකෙක් හරි එකෙක් පැහැරගෙන ගිහින් දුෂණය කරනවා. දරුවා මානසිකව වැටෙනවා. ඉතින් එයාව ගොඩ ගන්න hospital වල ගොඩක් අය පුදුම දුකක් විදිනවා. මම ඒවා ඕන තරම් දැකලත් තියෙනවා. ඕක ආරංචි උන ගමන් මීඩියා කාරයෝ ඕක පත්තරේ දානවා. tv එකේ දානවා. facebook දානවා. සංවේදී පුවතක් නිසා...
  18. yasidubihansa

    බැංකු ගැන දන්න අයගෙන් විස්තරයක්

    මගේ payoneer පිටරට සල්ලි එන peoples bank account එකට අන්තිම මාස දෙකේ 7000 ක් වැටිලා තිබුනා. 1000 ගානේ 7 පාරකට තමා ඇවිත් තියෙන්නේ. SA Credit GL Debit කියලා තමා තියෙන්නේ. ඒ මොකක්ද? මට මතක විදිහට ඒ account එක වෙන මොකකටවත් profit එන තැනකට ලින්ක් කරලත් නැහැ.
  19. yasidubihansa

    කව්ද දැන් මෙතන මෝඩයා?

    කව්ද දැන් මෙතන මෝඩයා? marketing කරපු පොර ද හිනා වෙන උන්ද?
  20. yasidubihansa

    තාත්තයි අම්මයි සල්ලි පස්සේ දුවද්දී ගෙදර ඉඳන් සල්ලි හොයන ළමයි

    ඉස්සර නම් තාත්ත රස්සාවට ගියා. අම්මා ළමයි බලාගෙන ගෙදර හිටියා. හැබැයි දැන් එහෙම නෑ නේ. එක්කෝ දෙන්නම රස්සාවට යනවා. එන්නේ රෑ වෙලා. එක්කෝ තාත්තා රට. අම්මා මෙහෙ රස්සාවට යනවා. කොහොම හරි ළමයි හැදෙන්නේ ආච්චියි සීයයි ගාව. දෙන්නම සල්ලි පස්සේ දුවන එකේ අපිත් සල්ලි හොයමු කියලා දැන් පොඩි උනුත් ඒ වැඩේ පටන්...

    No contents