¤¤¤උළුහාල්වලින් ලැබෙන විස්මිත ප්‍රයෝජන¤¤¤

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ¤¤¤උළුහාල්වලින් ලැබෙන විස්මිත ප්‍රයෝජන¤¤¤

    උළුහාල් කියන්නේ මොනවාද කියන එක ශ්‍රී ලාංකිකයන් විදිහට අපි කවුරුත් දන්නවා. කෑම වර්ග, විශේෂයෙන්ම පරිප්පු, අල සහ එළවලු කිරට උයනකොට රස වැඩි කරන්න යොදන උළුහාල් කියන්නෙත් කුළුබඩුවක්. අපි කෑම හදනකොට උළුහාල් යොදා ගන්නේ බොහොම සුළු ප්‍රමාණයෙන් වුණත් (සමහරු නම් උළුහාල් දාන්නේ වත් නැතිව ඇති) එයින් අපේ සිරුරට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන නම් බොහොමයි.

    උළුහාල් කියන්නේ මොනවද?


    අපි සාමාන්‍යයෙන් උළුහාල් කියන්නේ විද්‍යාත්මකව Trigonella foenum-graecum කියා හැඳින්වෙන උළුහාල් ශාකයේ කරල් තුළ හැදෙන ඇටවලටයි. ඉංග්‍රීසියෙන් Fenugreek කියලායි හඳුන්වන්නේ. අඩි තුනක් පමණ උසට හැදෙන උළුහාල් ශාකය බෝංචි, මෑ වැනි ශාක අයත් වන Fabaceae කුලයට අයත් එකක්. උළුහාල් ශාකයේ මල් සුදු පැහැයක් ගන්නවා. උළුහාල් කරල් තුල කහ-ලා දුඹුරු පාටට හුරු පැතලි හැඩයක් දරන උළුහාල් ඇට 10ත් 20ත් අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා.

    පෙරදිග රටවල් බොහෝ ගණනක දේශීය බෙහෙත් ක්‍රම සඳහා උළුහාල් යොදා ගැනෙන්නේ ඒ සතු ගුණ සමුදාය නිසාවෙන්. පිසින ආහාරවලට උළුහාල් ඇට එකතු කරාම ලා පැණි රසයක් ලැබුණත් අමු උළුහාල් ඇට නම් තරමක් තිත්ත රසයක් ගන්නවා. ඊට අමතරව උළුහාල් එකතු කිරීමෙන් හොදි වර්ගවල උකු ගතිය ඉහළ නංවා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම අල කිරට උයනකොට නියම රසය ලබා ගන්න නම් උළුහාල් නැතිවම බැහැ.

    උළුහාල්වල තියෙන ගුණය නිසාම එහි තෙල් නිස්සාරණය කර බෙහෙත් නිෂ්පාදනයට යොදා ගැනීමත් අද කාලයේ බහුලව සිදු වෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන උළුහාල් දියවැඩියාව සමනයටත් කදිමයි.

    උළුහාල්වලින් ලැබෙන ප්‍රධානතම ප්‍රයෝජනවලින් කිහිපයක් පහත දැක්වෙනවා.

    කිරි දෙන මව්වරුන්ගේ කිරි වඩවන ආහාරයක්

    උළුහාල් කියන්නේ කිරි දෙන මව්වරුන්ට අතීතයේ සිටම ලබාදෙන ආහාරයක්

    දරුවන් ලැබෙන්න ඉන්න මව්වරුන්ට උළුහාල් වැඩිපුර ආහාරයට ගන්න කියන එක අපේ පැරැන්නෝ නිතරම කියන දෙයක්. කිරි දෙන මව්වරුන්ට, විශේෂයෙන්ම පළමු වරට දරුවෙක් ලැබෙන්න ඉන්න ගර්භණී මව්වරුන්ට දරුවා ඉපදීමෙන් පසු ගැටලුවකින් තොරව කිරි ලබා දෙන්න උළුහාල් නිතර ආහාරයට ගැනීම උදව් වෙනවා. උළුහාල්වල අඩංගු ක්ෂුද්‍ර සංයෝග කිහිපයක් මව්වරුන්ගේ කිරි නිපදවන ග්‍රන්ථිවල ක්‍රියාවලිය උත්තේජනය කරන්නත්, කිරි නාල අවහිර වීම වැනි ගැටළු මග හරවා ගන්නටත් උදව් වෙන බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.

    උළුහාල් කිරි වඩවන ආහාරයක් හෙවත් galactagogue එකක් බව තහවුරු කළ විද්‍යාත්මක පර්යේෂණ ගැන ප්‍රසිද්ධ විද්‍යාත්මක ජර්නල බොහොමයක සඳහන් වෙනවා.

    කෑම දිරවීමේ ප්‍රශ්නවලට, ආහාර අරුචියට සහ මළ බද්ධයට හොඳ විසඳුමක්

    උළුහාල් කියන්නේ බඩේ ප්‍රශ්න බොහොමයකට හොඳ බෙහෙතක්

    උළුහාල් කෑමවලට එකතු කරන්න ප්‍රධානතම හේතුවක් වෙන්නේ ඒ සතු ආහාර ජීර්ණය පහසු කිරීමේ ගුණයයි. ආහාර පිසිනකොට උළුහාල් ඇටය බොහෝ දුරට දිය වෙලා කුඩා අංශු විදිහට හොද්දට එකතු වෙනවා. අපේ ආහාරයේ අඩංගු දිරවීමට අපහසු කෑම වර්ග ජීර්ණය පහසු කරන්නත්, ඒවා තුල අඩංගු පෝෂක වඩාත් හොඳින් උරා ගැනීමටත් උළුහාල් උපකාරී වෙනවා.

    කුඩා දරුවන් කෑම කනවා අඩු නම් උළුහාල් වැඩිපුර කෑමවලට දාන්න කියලා කතාවක් සමහර විට ඔබ අහලාත් ඇති. එහෙම කියන්නේ කෑම රසවත් වෙලා ආහාර ගැනීම වැඩි කරන්න විතරක් නෙවෙයි, උළුහාල් සතු පෝෂක අපේ කෑම රුචිය වැඩි කරන්නත් හේතු වෙනවා. උළුහාල් ආහාරවලට එකතු කරන පවුල්වල කුඩා දරුවන් ආහාර ගැනීමට දක්වන කැමැත්ත වැඩි බවත්, උළුහාල් ආහාරයට ගැනීම සහ මන්දපෝෂණය නොමැති වීම අතර ධනාත්මක අන්තර් සම්බන්ධතාවක් (positive correlation) ඇති බවත් පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

    මීට අමතරව මළබද්ධය පවතින උදවියට උළුහාල් ඉතා හොඳයි. ඉහළ ආහාර තන්තු (dietary fiber) ප්‍රතිශතයක් අඩංගු උළුහාල් වැඩිපුර යෙදූ ආහාර නිතර ගැනීමෙන් මළ පහ කිරීමේ අපහසුව අවම කර ගන්න හැකියාව තියෙනවා.

    හිසකෙස් සහ රැවුල වැවීමත්, ලිංගික හැකියාවත් උත්තේජනය කරවන්නක්

    තැන් තැන්වල රැවුල වැවෙන්නෙ නැත්නම් උළුහාල් පාවිච්චි කරලා බලන්න

    උළුහාල් සතුව තිබෙන ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝනය නිපදවීම උත්තේජනය කිරීමේ හැකියාව ඉතා ප්‍රසිද්ධ එකක්. මේ නිසා හිසකෙස් වැටීමේ සහ සිහින් වීමේ ගැටළු, වයසට සරිලන ආකාරයට රැවුල වැවෙන්නේ නැති ගැටළු වගේ හිසකෙස් සහ රෝම ආශ්‍රිත ගැටලුවලට උළුහාල් නිතර ආහාරයට ගැනීමෙන් හොඳ විසඳුමක් ලබා ගන්න පුළුවන්. වයසට යාමත් එක්ක තට්ටය පෑදීමේ ගැටලුව මග හරවා ගැනීමට උළුහාල් තෙල් භාවිතය ඉතා බහුලව සිදු වෙනවා. උළුහාල් ඇට පිරිසිදු පොල්තෙල්වලට එක් කොට, රත් කර සම්බාහනය කිරීමෙන් රැවුල හෝ හිසකෙස් වැවීම අඩු ප්‍රදේශවල රෝමකූප උත්තේජනය කරගන්නත් හැකියාව තිබෙනවා.

    ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝන ප්‍රමාණය ඉහළ යාම ලිංගික හැකියාව ඉහළ නංවන්නත් ඍජුවම හේතු වෙනවා. විශේෂයෙන්ම ලිංගේන්ද්‍රයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමේ ගැටලුවටත්, ලිංගික ආශාව හීන වීමටත් උළුහාල් නිතර ආහාරයට එක් කර ගැනීමෙන් ගුණයක් ලබා ගන්න පුළුවන්. උළුහාල් නිතර ආහාරයට ගන්නා විවාහකයින්ගේ ලිංගික තෘප්තිය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බවට ඇතැම් සමීක්ෂණවලදී පවා අනාවරණය වී තිබෙනවා.

    රුධිරගත සීනි ප්‍රමාණය යාමනය කරන්නත්, දියවැඩියාව පාලනයටත් සුදුසුයි

    සීනි වැඩිද?

    දියවැඩියා රෝගීන් හට නිතරම උළුහාල් ආහාරයට ගන්න කියන නිර්දේශය අද බටහිර වෛද්‍යවරුන් පවා ලබා දෙනවා. ඇත්තෙන්ම උළුහාල් ගැන බටහිර ලෝකයේ පර්යේෂණ වැඩිපුරම සිදු කර තිබෙන්නේත් ඒ සතුව තිබෙන රුධිරගත ග්ලූකෝස් සාන්ද්‍රණය අවම කිරීමේ හැකියාව ගැනයි. ඒ ගැන සිදු කරපු පර්යේෂණ ගණනාවකට අනුව ආහාරයක් ලබා ගත් පසුව දියවැඩියාව නැති නීරෝගී පුද්ගලයන්ගේ සීනි ප්‍රමාණය ඉහළ යාම අවම කරන්නත්, 1 වන වර්ගයේ සහ 2 වන වර්ගයේ දියවැඩියාව තිබෙන රෝගීන්ට කාබෝහයිඩ්‍රේට සහිත ආහාරවලට දක්වන ප්‍රතිරෝධය ඉහළ නංවන්නත් උළුහාල්වලට හැකියාව ඇති බව තහවුරු වී තිබෙනවා.

    උළුහාල්වලට මේ හැකියාව ලැබෙන්න ප්‍රධාන හේතුවක් විදිහට සැලකෙන්නේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය ඉහළ නංවන සංයෝග කිහිපයක් ඒ තුළ අඩංගු වීමයි.

    අමතර ප්‍රයෝජන

    කටේ තුවාල ඉක්මනින් සුව කරගන්න

    උළුහාල්වලින් ලබා ගන්න පුළුවන් අමතර ප්‍රයෝජනත් බොහොමයි. විශේෂයෙන්ම කටේ ඇතිවන ඌෂ්ණ බිබිලි ඇතුළු Ulcer සුව කිරීම ඉක්මන් කරවන්නත්, වකුගඩු ආශ්‍රිත සංකූලතා අවම කරන්නත්, ව්‍යායාම කිරීමේදී මේද දහනය වේගවත් කරන්නත් උළුහාල්වලට පුළුවන්. ඒ වගේම එහි අඩංගු ඇතැම් සංයෝගවලට ට්‍රයි ග්ලිසරයිඩ සහ කොලෙස්ටරෝල් දහනය කරන්නට හැකියාව තිබෙන බවත් ඇතැම් පර්යේෂණවලදී පෙනී ගොස් තිබෙනවා.

    උළුහාල් අපේ ආහාරයට එක් කර ගැනීම නම් බොහෝ පහසු සහ ලාභදායී දෙයක්. ඒ වගේම උළුහාල්වල තෙල් නිවැරදි නිස්සාරණය කර ගැනීමෙන් ඒ සතු සාරය නොඅඩුව ලබා ගන්න හැකියාව තිබෙනවා. ලොව පුරාම උළුහාල් තෙල් භාවිතයට ගන්නා ඖෂධ සහ රූපලාවණ්‍ය නිෂ්පාදනය ගණනාවක් තිබෙනවා. උළුහාල් තෙල් යොදා ගන්නා ජනප්‍රියම දේශීය නිෂ්පාදන විදිහට බරකා නිවසින් එන Diabsol Advanced සහ Hairmenn හඳුන්වන්න පුළුවන්.

    ඉතින් ඔබේ නිවසේ ආහාර පිසිනකොට උළුහාල් පාවිච්චිය අඩු නම් අද ඉඳන් අනිවාර්යයෙන්ම නිතරම ආහාරවලට උළුහාල් එකතු කරන්නත් මතක තියා ගන්න. කෑමවලට ලැබෙන රසය වගේම හිතා ගන්න බැරි ප්‍රයෝජන ගණනාවක් ලබා ගන්න එයින් හැකි වන බවට සැකයක් නැහැ.


    මේ ලිපිය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කාත් එක්කත් share කරන්නත් අමතක කරන්න එපා.
    article by roar team :)
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    අපි කන්නේ ඇත්තටම ඇගට හොද දේවල් නෙමෙයි.තෙල් ගොඩවල්.එහෙම කන අපි මෙහෙමවත් ඉන්නේ ඔන්න ඔය වගේ ස්පයිසස් අපි කන කැම් වලට එකතු කරන නිසා.ඒත් කඩවල ඕවා දාන්නේ නැහැ.උදාහරණයක් විදිහට අපි ගෙදර චිකන් කරියක් හැදුවොත් ඒකට කොච්චර දේවල් දානවද.ඒවායින් චිකන් වල තියෙන අහිතකර දේවල් කැපෙනවා.අන්න ඒක නිසා තමන්ට පුළුවන් හැටියට ගෙදරම උයාගෙන කනවනම් හොදයි.
     
    • Like
    Reactions: hasini9303

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    healing.jpg


    spices-for-fat-lose.jpg


    3c35069959b63d89999439f12da67687--homeopathic-remedies-health-remedies.jpg
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අපි කන්නේ ඇත්තටම ඇගට හොද දේවල් නෙමෙයි.තෙල් ගොඩවල්.එහෙම කන අපි මෙහෙමවත් ඉන්නේ ඔන්න ඔය වගේ ස්පයිසස් අපි කන කැම් වලට එකතු කරන නිසා.ඒත් කඩවල ඕවා දාන්නේ නැහැ.උදාහරණයක් විදිහට අපි ගෙදර චිකන් කරියක් හැදුවොත් ඒකට කොච්චර දේවල් දානවද.ඒවායින් චිකන් වල තියෙන අහිතකර දේවල් කැපෙනවා.අන්න ඒක නිසා තමන්ට පුළුවන් හැටියට ගෙදරම උයාගෙන කනවනම් හොදයි.

    :) aniwa macho. eth samahara gewal wala mewa pavichchi karanneth hari aduwen :(