ƔƔƔ......අවුරුදු ගීත......ƔƔƔ

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ƔƔƔ......අවුරුදු ගීත......ƔƔƔ

    සුන්දර අලුත් අවුරුද්දත් ආවනෙ එහෙනම්:P:P අපෙ පරණ කලාකාරයෝ අලුත් අවුරුද්දෙ සුන්දරත්වය අපිට කීවේ අතිශය සුන්දර විදියට ගීත වලින් එක ගීතයක් ඇහුවොත් අවුරුද්දෙ සුන්දරත්වය එහෙමපිටින්ම ගීතවල ගැබ්වෙලා තියනවා අද කොහොද එහෙම ගීත:(:( අපෙ මුතුන්මිත්තො අවුරුද්ද සමරපු විදිය ගමට අවුරුදු සුන්දරත්වය දැනුනු විදිය මේ ගීත වල සැගවිලා තියනවා අවුරුද්ද ගැන කියවෙන සුන්දර ගීත ටිකක් බෙදාගන්න හිතුනා අවුරුද්දට සුභ පතන ගමන් කට්ටියම දාන්න බලන්න සුන්දර අලුත් අවුරුදු ගීත ;);)
    HappyNewYear-.jpg


    පි-බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස
    ඉද්ද පනා මල් කැන් පිපිලා
    පි/ගැ-සද්දෙ මොකෝ අවුරුද්ද ....ඇවිල්ලද
    නැද්ද කනෙයියනි රොන් හැදිලා

    පි/ගැ-බැද්දට මල් වරුසාවක් වැහැලද
    නිල් කොල පිට ඒ මල් පොද ඉහිලද

    පි-පාර වටේ ඇති සෙරම ගස්
    සරුසාර හැඩයි ගෙඩි ....හට ගැනිලා
    පේර දිවුල් පලු වීර ඉදී එන
    වාරේ වගෙයි මී පැනි පිරිලා

    ගැ/පි-බැද්දට පැනි වරුසාවක් වැහැලද
    ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද

    පි-රෑන ගිරා සැලලිහිනි කුරුල්ලන්
    සීනු හඩින් රස ගීග ගයලා
    තාන තනා තම් දාන කියා එලි
    මාන වටෙ කැරකි නටලා

    පි/ගැ-බැද්දට ගී වරුසාවක් වැහැලද
    ගී පොද මේ හොට අස්සට පෙරිලද

    අමිතා වැදිසිංහ සහ පියසිරි විජේරත්න



    Mp 3
    http://www.mediafire.com/?didmo4zglmq


     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කොහෝ කොහෝ...............


    පි/ගැ-කොහෝ කොහෝ...............
    කොහේ ඉදන් කොහෝ කියනවදෝ
    අපෙ ගමෙ රබන් පදේ නුබට ඇහෙනවදො

    පි-කජු නාබර රස මි අඹ ගස් යට වැහි වැහැලා
    කොහෝ අන්න අර බලපන් මී වද පැනි පිරිලා
    පි/ගැ-කොහෝ කොහෝ...............
    කොහේ ඉදන් කොහෝ කියනවදෝ
    බක් මාසේ මගුල් නැකැත් මටත් කියනවදෝ
    කොහෝ කොහෝ...............
    අපෙ ගමෙ රබන් පදේ නුබට ඇහෙනවදො

    ගැ-රබන් හඩට බබරු නටන ලස්සන ගම් මැද්දේ
    කොහෝ උබත් ගී කියපන් සිංහල අවුරුද්දේ
    පි/ගැ-කොහෝ කොහෝ...............
    කොහේ ඉදන් කොහෝ කියනවදෝ
    අපෙ ගමෙ රබන් පදේ නුබට ඇහෙනවදො
    කොහෝ කොහෝ...............
    අවුරුද්දට අපේ ගමෙ නැගම් එනවදෝ

    සනත් නන්දසිරි සහ සුජාතා අත්තනායක




    MP3
    http://www.mediafire.com/?yzyzyjnytt2