අංක~තහඩු~ගැන

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මීට කලින් RMV ගැන දාපු ත්‍රෙඩ් එක ඔයාලාට මතක ඇති. ඒ ත්‍රෙඩ් එකට ගොඩක් ප්‍රතිචාර තිබ්බා. ඒ හැමෝටම මුලින්ම ස්තුති කරන්න ඕනා. RMV එකට යන්න මිනිස්සු පෙළඹවෙන තවත් අවස්ථාවක් තමයි තමන්ගේ වාහනය ලියා පදිංචි කරගැනීම සඳහා.

    වාහන ලියාපදිංචි කරන අය තමන්ගේ වාහන ලියාපදිංචි කරගන්නට යන්නේ නාරාහේන්පිට RMV එකටයි. පාරේ යනකොට එක එක විදියේ අංක තහඩු ඔයලා දැක ලා ඇති. සමහර ඒවා අංක. සමහර ඒවා ඩෑෂ්. සමහර ඒවා ශ්‍රී. සමහර ඒවා ඉංග්‍රීසි අකුරු. මොනවාද මේ අකුරු? වාහන වල අංක නිකුත් වෙන පිළිවෙල කොහොමද? පොඩ්ඩක් මේ ගැන ඔයලා දැණුවත් කරන්නට හිතුවා.

    ඊට කලින් තව දෙයක් මතක් කරන්නට ඕනා. මේ තොරතුරු සොයා ගන්නට මට උපකාර කලේ අපේ chamikawp සහෝදරයා. ඒ නිසා චාමිකට මුලින්ම ස්තුතිය පුද කරන්නට ඕනා.


    ලංකාවේ වාහන ගෙන් වූ මුල්ම කාලය තමයි 1900 අවුරුද්දේ මුල කාලය. මුල්ම කාලයේ අපේ රටේ වාහන වල අංක නිකුත් වෙලා තියෙන්නේ A-Z දක්වා අකුරු වලින්නේ 1902- 1940 දක්වා කාලයේ. මේ වාහන දැනට නම් භාවිතයේ නෑ. කෞතුක වස්තු විදියට ප්‍රදර්ශන වලදී නම් කලාතුරකින් දැක බලා ගන්නට පුලුවන්. 1928 වසරේ මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය රජයේ දෙපාර්තමේන්තුවක් විදියට ස්ථාපිත වෙනවා.

    1940 වසරෙන් පස්සේ CEYLON යන වචනයේ අකුරු පිළිවෙලට "O" අක්ෂරය හැර CE CY CL CN හා නැවතත් E අකුරෙන් පටන් ගෙන EY EL EN ලෙස 1956 වසර වෙනකන් වාහන ලියා පදිංචිය සිදු කෙරුනා.

    2091756875_8660d01314.jpg


    මීට අමතරව
    IC - බස් හා ලොරි සඳහාත් (ඩීසල්)
    CV -
    බස් හා ලොරි සඳහාත් (පෙට්‍රල්)
    MW - මෝටර් වැගන්
    TR - ට්‍රේලර්/ලොරි හා ඉඩම් වාහන
    LV - ඉඩම් වාහන
    සඳහාත් ලබා දීලා තියනවා. මේ වා දැනට භාවිතයේ නෑ. ක්ලැසික් වාහන කියලා වර්තමානයේ හඳුන්වන්නේ මේවා තමයි.

    "ශ්‍රී" අකුර වාහන වලට හඳුන්වා දෙන්නේ 1956 වසරේ තමයි. ඊට පස්සේ 1,2,3 විදියට වාහන පන්ති ලියා පදිංචි කිරීම ආරම්භ කරනවා.

    1753092482_f94dbbc367_z.jpg

    1-10 : කාර්,යතුරුපැදි,ත්‍රීරෝද රථ
    11-17 : කාර්,ත්‍රීරෝද
    18,19,300,301 : පෙට්‍රල් කාර්
    31,32,64,65,199 : ඩීසල් කාර්
    20,50-54,56-59,250,254,21,200-207,79 : ද්විත්ව කාර්ය ත්‍රීරෝද
    22 - බස්, ලොරි
    23,29,30,60-63,35 : මෝටර් කෝච්
    24,26-28,40-43,47,68,226,33,34,38,39 : ලොරි
    25 : ඉඩම් වාහන කාර්
    36,37,49,270 : ඉඩම් වාහන රෝද හතර
    70-78,340 :
    ඉඩම් වාහන රෝද දෙක
    55 : පෙට්‍රල් ඉඩම් වාහන
    290 : ප්‍රයිම් මූවර්
    44-47 : ට්‍රේලර් (ඉඩම් වාහන හා ලොරි)
    66 : මෝටර් වැගන්
    69 : හදූනා නොගත්
    98 : DPL
    80-97 100-156 : යතුරු පැදි

    2689634213_2ecea99c02.jpg


    මේ ක්‍රමය නැවතත් 1990 වසරේ වෙනස් වෙනවා. මෙහිදී "ශ්‍රී" අක්ෂරය වෙනුවට කෙටි ඉර ("-" ඩෑෂ්) භාවිතයට එනවා.

    මෙය නැවත වරක් සංශෝධනයකට ලක් වෙන්නේ 2000 වසරේදීයි. නැවත වරක් 2000 වසරේ ඉංග්‍රීසි අක්ශර ක්‍රමය භාවිතයට එනවා.

    GA-0001 සිට GA-9999
    GB-0001 සිට GB-9999
    GC-0001 සිට GC-9999
    ..............
    ..........
    ....
    .
    HA-0001 සිට HA-9999
    HB-0001 සිට HB-9999

    මේ විදියට "I" අකුර ඇරෙන්නට JA-JZ දක්වා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් ක්‍රෝමියම් ආලේප කරපු විශේෂ තහඩුවක වාහන අංක නිකුත් කරලා තියෙනවා. මේ තහඩු නිකුත් කරන්නේ මොටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තුවෙන් පමනයි. මේ අංක තහඩු සමග විශේෂ ස්ටිකරයක්ද නිකුත් කෙරෙනවා. ඒ ස්ටිකරයේ වාහන ලියාපදිංචි වර්ශය, ඉන්ධන වර්ගය, වාහන පන්තිය ආදී විස්ථර ඇතුලත්.

    මේ ක්‍රමය 2005 වසරේ ජූනි මාසයේ නැවතත් වෙනසකට ලක් වෙනවා. වාහන පන්ති අනුව වෙනස් ආකාරයේ අකුරු පිළිවෙලක් භාවිතා වීම ආරම්භ වෙනවා.

    මෝටර් කාර් : KA - KZ
    ත්‍රීරෝද : QA - QZ
    මෝටර් කෝච් (බස්): NA - NZ
    මෝටර් ලොරි : LA - LZ
    ද්විත්ව කාර්ය : PA - PZ
    ඉඩම් වාහන (රෝද දෙක) : SA - SZ
    මෝටර් සයිකල් : MA - MZ
    වෙනත් : TA - TZ

    මේ ආකාරයට තමයි වර්තමානයේ වාහන සඳහා අක්ශර භාවිතා වෙන්නේ. ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් වගේ ඉක්මනින් විකිනෙන වාහන වල අංක බොහෝ දුරට ගොස් තියනවා කියලා ඔයාලාට තේරෙනවා ඇති. මේ දවස් වල මෝටර් සයිකල් සඳහා භාවිතා වෙන්නේ VW. ත්‍රීරෝද රථ සඳහා භාවිතා වෙන්නේ YC.


    ඔයාලාගේ දැණුමට යමක් එකතු කරන්නට ලැබුනා කියා සිතනවා.
    :):):)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ela thanx machan matath hari asawak thiyanawa volvo 909 car ekak modified karala parata bassanna number eka EL ekak thawama hoyanawa :)meka dammata kollata thanx