මුස්ලිම් භක්තිකයන් අංගම් සාස්ත්රයට අයිතිවාසිකම් කියන්නේ මොන ඓතිහාසික පදනමින් ද යන්න මට නම් නොතේරේ. අංගම් සාස්ත්‍රය හෙළයන් ගෙන් වෙනත් ජාතිකයන්ට යෑම සිදුවිය නාහැකි අභව්යයකි. මට නම් පෙනෙන්නේ මොවුන් රජයෙන් දෙන යම් යම් ආධාර ලෝභයෙන් මෙසේ විවිධ දේවල් පෙන්වමින් අංගම් ශිල්පීන් ලෙස පෙනී සිටින බවය. ඔවුන් මෙසේ හෙලයන් ගේ දේවලට අයිතිවාසිකම් කීමෙන් ම දේවල් දෙකක් පෙනී යයි. පළමුවැන්න අපට අයිති ද් අති සීඝ්‍රෙයන් අපෙන් ගිලිහෙමින් තිබෙන බවය. දෙවැන්න ඔවුන් පුළුවන් තරම් අපේ දේ සොරකම් කරන බවය. මේ දෙකම අපේ ඇස් -කන් ඇරවිය යුත් කරුණු වේ.
අංගම් සටන් උගන්වන ගුරුන් ගැන යම් යම් ප්‍රශ්න ඇති බව අපට පෙනී යයි. ප්‍රධාන කරුණකට මම එකග වෙමි. එනම් අංගම් ශිල්පීන් ප්‍රසිද්ධිය තකා පෙනී නොසිටින බවය. එසේම තම පොරත්වය පෙන්වීමට ඌරාවලේ කෙටීමට අභියෝග නොකරන බවය.
විශිෂ්ඨතම අංගම් ශිල්පීහු තවමත් ලක්දිව සිටිති. කුරුණැගල, දඹදෙණිය, පොලොන්නරුව, ගම්පල, නුවර උඩුපිල, මන්දාරම් නුවර ආදි ප්‍රෙද්ශවල එවන්නන් සිටින බව පෞද්ගලිකව දනිමි. නමුත් ඒ ගුරු උතුමන් කිසිවිටෙක වහසි බස් නොකියන, සමාජයේ අති ධාර්මිකව දිවි ගෙවන, බොහෝ කොට බෙරවා කුලයට සම්බන්ධ අයවළුන් වෙති. (මේ ගැන මගෙන් අසා පීඑම් ගැසීමෙන් කරුණාකර වළකින ලෙස ඉල්ලමි. මා මේ ගැන කිසිදු තොරතුරක් ලබා නොදෙමි.)
ඔබට අංගම් ශ්‍රාස්ත්‍රය සත්‍ය ලෙසට ම ඉගෙනීමට අවැසි නම් ආරංචි මාත්‍ර වලින් ඉව පිහිටුවා ගෙන ඔවුන් සොයා යන්න. ඔබ ට ශ්‍රාස්ත්‍රය ලැබීම ඔබ පෙර කල කර්ම විභාග කිරීමෙන් (එනම් වේලපත්කඩ විමසීමෙන්) සහ ඔබට යම් පරිවාස කාලයක් බලා දීමෙන් පසුව සිදු වනු ඇත.