අංගම්_පොර

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,699
    7,892
    113
    මෙන්න මෙතන...
    හෙළ පාරම්පරික සටන් කලාව නොහොත් අංගම් පොර

    %E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB.jpg

    අංගම් පොර සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග පොදුවේ අසුරයන් (සුර අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම සටන් ක‍්‍රමය භාවිත කරන්නට විය. ක‍්‍රමයෙන් වර්ධනය වූ අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක‍්‍රමණයට එරෙහිව යොදාගන්නට ඇත.

    අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණ රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කරනු ලැබ ඇති වෛද්‍ය ග‍්‍රන්ථ තුළින්ද පැහැදිලි වෙයි. රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කෙතරම් ප‍්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සඳහා මල්පැලක් සකස් කොට රාවණ ස්තෝත‍්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිමයෙන් දායක විය.

    11391172_384903651697351_6092317077745812741_n.jpg


    174px-Angampora_stick_fight.jpg

    අංගම් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව (හිස්) සිරුරෙන් කරනු ලබන සටන අංගම්පොර යනුවෙන් හඳුන්වයි. ආයුධ සහිතව කරනු ලබන සටන ඉලංගම් ලෙස හඳුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප‍්‍රවීණයකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පූර්ණ අංගම් සටන් කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයකුට තම ජීවිතකාලය මදිය. එසේ වන්නේ මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත‍්‍රය පිළිබඳ දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන් ක‍්‍රමවලදී එතරම් සාර්ථක ලෙස භාවිත වන්නේ නැත. සිංහල සටන් ක‍්‍රමය අනුව නිලවලට පහරදෙන ක‍්‍රම රැසක් දැකගත හැකිය.

    අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක්, ඉවසීමක් ප‍්‍රගුණ කළ අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම අතින්ය. අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සඳහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීම, පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දළයක් පොලොවේ වළලා තනි අතින් ඇද ගැලවීම, පොලූ අට කැඞීම, කුළු හරක් මෙල්ල කිරීම, විශාල ගල්, ගස් කඳන් ඈතට විසි කිරීම, පොල් ගසට පයින් ගසා පොල් කැඞීම, පුවක් ගෙඩිය ඇඟිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, මිනිසුන් දහ පහළොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැඳගෙන සටන් කිරීම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපෑමට කරනු ලබයි.

    06-page2-S2-3.jpg

    පාරම්පරික අංගම් සටන් ශිල්පය වනාහි පිටරටක එනම් චීනයේ ජපානයේ, කොරියාවේ, ඉන්දියාවේ හෝ වෙනත් රටක සම්භවය ලැබූ කරාටේ, වූෂූ, ජූඩෝ වැනි සටන් ක්‍රමයක් නොව, ලංකාව තුළම ජනිතව සිංහලයන් විසින් පාරම්පරිකව සිය සැබෑ උරුමය ලෙස ප්‍රවර්ධනය කරමින් රැක ගැනිණු මේ පොළොවට ආවේණික අපේම සටන් ශිල්පයයි.

    වසර දෙදහස් ගණනක් තිස්සේ පණ්ඩ්‍ය, චෝල, චේර, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ආදී ආක්‍රමණිකයන්ගේ ඉදිරියේ දනින් නොවැටෙමින් පෙරළා පහරදී, සතුරා පරදවා රටේ ස්වෛරීත්වය රැක ගන්නට සිංහලයන්ට හැකි වූයේ සිංහලයන්ට ආවේනික අංගම් සටන් ශිල්පයේ බල මහිමෙනි.

    ලොව බොහෝ දැවැන්ත රාජධානි අසල ඇති කුඩා දිවයින් ඒ දැවැන්ත රාජ්‍යයන් වල ආධිපත්‍යයට යටවේ. උදාහරණයක් ලෙස එංගලන්තය අසල ඇති අයර්ලන්තය සහ ග්‍රීසිය අසල ඇති ක්‍රීට් දිවයින දක්වාලිය හැක.නමුත් අසල්වැසි ඉන්දියාවේ දැවැන්ත අධිරාජ්‍යය ගොඩනැගෙද්දීත් ඔවුන්ට ලංකාව යටත්විජිතයක් කරගත හැකිවූයේ නැත.මැලේසියාවේ සිට මාලදිවයින දක්වා දැවැන්ත අධිරාජ්‍යයක් ගොඩනැගූ "රාජරාජ- රාජේන්ද්‍ර චෝල” අධිරාජ්‍යයට පවා ලංකාව යටත් කරගැනීමට නොහැකි විය.කීර්ති කුමරු වැටි වැටී නැගිටිමින් රුහුනේ සිට සේනා සංවිධානය කොට, සටන් පිට සටන් කොට, අවසන චෝල ආක්‍රමණිකයන් ලක් පොළොවෙන් පන්නා දමා ලංකාව එක්සේසත් කොට 1වන විජයභාහු නමින් කිරුළු පැළැන්දේය.

    1815 වන තෙක් සමස්ත සිංහල ඉතිහාසයේදීම කිසිදු ආක්‍රමණික සතුරෙකුට ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කරගත නොහැකි වූ අතර, 1815 දී සිදු වූයේ ද යටත්වීමක් නොව සිංහල නායකයන් ස්වකැමත්තෙන්ම, ගිවිසුමකින් ඉංග්‍රීසීන්ට කන්ද - උඩරට පාලනය පවරා දීමකි. එදා එය එසේ සිදු නොවුනානම් උඩරට රාජධානියේ ස්වභාවික ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග ආදී අභියෝග හා අංගම් ශිල්පය ප්‍රගුණ කළ සිංහලයන්ගේ ප්‍රති පහරදීම් හමුවේ, කාලතුවක්කු, බයිනේත්තු හා සංවිධිත පුහුණුව සහිත හමුදා සිටි නමුදු ඉංග්‍රීසීනට උඩරට ජයගත නොහැකි වීමට බොහෝ දුරට ඉඩ තිබුණි. 1505 සිට 1815 දක්වා, එනම් පෘතුග්‍රීසීන්ගේ පළමු ආගමනයේ සිට උඩරට ගිවිසුම දක්වා, අවස්ථා ගණනාවකදීම පෘතුගීසී - ලන්දේසී - ඉංග්‍රීසි හමුදාවන් උඩරට ආක්‍රමණය කළ නමුදු ඒ සියලු ආක්‍රමණික හමුදාවන් පරදවා, විනාශ කොට, උඩරට රැක ගැනීමට සිංහලයෝ සමත් වූහ.

    පුරාණ අංගම් සටන් ශිල්පය අංග තුනකින් සමන්විතව උගන්වනු ලැබුණි.

    01) අංගම් - ඇගේ පොර එනම් ශරීරයේ අංග උපයෝගී කාරගෙන සිදුකරන සටන.
    02) ඉලංගම් - කඩු, හෙළි, පලස්, පොලු ආදී නොයෙක් අවි ආයුද උපයෝගී කරගෙන සිදුකරන සටන.
    03) මායා අංගම් - අමනුෂ්‍ය බලවේග උපයෝගී කරගෙන සිදුකරන යන්ත්‍ර- මන්ත්‍ර- හදි- හූනියම්, අංගම් පිඹීම් ආදිය ද සතුරා වික්ෂිප්ත කරවන මායාවන් ආදිය ද මවමින් සිදු කරන සටන.

    අංගම් යුද ශිල්පය උක්ත ප්‍රධාන අංගයන්ගෙන් සමන්විත වන අතර, ඒ හැරුණු කල, හෙළ වෙදකම, ජ්‍යොතිෂ්‍යය, නැටුම්, ජන කවි - ජන ගී ආදිය, වාස්තු විද්‍යාව, අවි ආයුද තැනීමේ වානේ කර්මාන්තය, ගල් කැටයම් - ලී කැටයම් - රන් කැටයම් ආදී කැටයම් කර්මාන්ත, පුස්කොළ පොත් ලියා ඇති (තේරුම් ගැනීමට දුෂ්කර )ගැට භාෂා කියැවීමේ ශාස්ත්‍රය ආදී විශාල පාරම්පරික දැනුම් පද්ධතියක් අංගම් ශිල්පය හා සහ සම්බන්ධිතව අදටත් පුරාණ ගම්වල ආරක්ෂා වී තිබේ.

    f-1-2.jpg

    අංගම් ශිල්පය එම කර්මාන්ත - ශාස්ත්‍ර සමග මෙන්ම දේශීය සංස්කෘතික මූලධර්මයන් හා ද බැදී තිබේ. ආචාර විධි ක්‍රම, වත් පිළිවෙත්, චාරිත්‍ර-වාරිත්‍ර, ඇදුම්-පැළදුම්, සිංහලයාට ආවේණික නොයෙක් අවි ආයුද, එම ශාස්ත්‍රයේ අන්තර්ගතය.

    මේ පුරාණ දැනුම් පද්ධතිය අප සතු සැබෑ ජාතික උරුමය වන බැව් පැහැදිළිය.

    අංගම් සටන් ශිල්පයේ ජනප්‍රවාද මගින් කියැවෙන ඉතිහාසය සක්විති රාවණයන්ගේ යුගයෙන් ද එහාට දිව යයි. වසර පන්දහසකට පෙර රාවණා නිරිඳුන්ගේ සීයා වන පුලතිසි සෘෂිවරයා ප්‍රමුඛ සෘෂිවරු නවදෙනෙකු එකට එක් වී අංගම් සටන් ශිල්පය සංගෘහිත කළේ යැයි ජනප්‍රවාදයේ කියැවෙයි.

    මහා වංශයේ, රාජාවලියේ, කැගලු චාරිකාවේ, මග සලකුණ කවි පොතේ ඇතුළුව පුරාණ පොත්පත් රැසක හා වෙනත් විදේශ වාර්තා වල ද අංගම්පොර පිළිබදව ඓතිහාසික විවරණයන් සදහන්ව තිබේ. තවද ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් වල, දළදා මාළිගයේ චිත්‍ර තුළ හා තවත් බොහෝ සිංහල චිත්‍ර හා කැටයම් තුළ අංගම් ශිල්පය නිරූපණය කර තිබේ.

    මහාවංශය ප්‍රමුඛ ඓතිහාසික වාර්තාවන්හි විවරණය වන පරිද්දෙන්, රාම- රාවණා යුගයේ සටන්, පඬුඅබා(පණ්ඩුකාභය ) රජ දවස සිදු කළ සටන්, එළාර - දුටුගැමුණු සංග්‍රාමය, වලගම්බා රජ දවස සටන්, ගජබා රජ දවස සොළී දේශය ආක්‍රමණය, මහා සේන රජ දවස්හි සටන්, රාජරාජ රාජේන්ද්‍ර චෝල අධිරාජ්‍යයට එරෙහිව කීර්ති කුමරු එනම් මහා විජයබාහු රජු සිදුකළ මහා සංග්‍රාමය, දකුණු ඉන්දියාව හා අරමණ දේශය (බුරුමය )පවා ආක්‍රමණය කළ මහා පරාක්‍රමබාහු රජ දවස සටන්, කෝට්ටේ යුගයේදී වීදිය බණ්ඩාර, ටිකිරි කුමරු නොහොත් 1වන රාජසිංහ සිදු කළ සටන්, නුවර යුගයේ විමලධර්මසූරිය -දෙවන රාජසිංහ-ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය දකවා සිදුකළ සටන්, 1818 -1848 සිංහල නිදහස් අරගල ඇතුළුව සිංහලයේ සියලු යුද අරගලයන්හි දී අංගම් ශිල්පයේ කෙළ පැමිණි වීර සිංහලයන් පෙරමුණගෙන තිබේ. රාවණ රජු හා ඔහුගේ පුත් ඉන්ද්‍රජිත් ද, පඬු අබා නිරිඳු, ගැමුණු නිරිඳු හා දසමහා යෝධයන් ද, වලගම්බා රජු හා ඔහුගේ සෙනෙවියන් ද, ගජබා රජු හා නීල මහා යෝධයා ද, මහා සේන රජු ද, කීර්ති කුමරු හා ඔහුගේ සෙනෙවියන් වූ චල-රවිදේව ආදීන් ද, මහා පැරකුම් නිරිඳු ද, ඔහුගේ සෙනෙවියන් වූ ලංකාපුර, කීර්ති නගරගිරි, ආධිත්‍ය ද්‍රවිඩ අධිකාරී ආදීන් ද, පසුකාලීනව ටිකිරි කුමරු, වීදිය බණ්ඩාර, දෙවන රාජසිංහ රජු,එදිරිල්ලේ රාල, ලෙව්කේ දිසාව, ගලබඩ දිසාව, මොණරවිල කැප්පෙටිපොල මහ නිළමේතුමා ආදීන් ද අංගම් යුද ශිල්පයේ ප්‍රවීන මහා රණ ශූරයන්ය. මේ දෙරණ සතුරන්ගෙන් රැක ගත්තේ ඉහත නම් සඳහන් කල හා කාලයේ වැලි තලාවෙන් නම් ගම් වැසී ගිය තවත් වීර අංගම් ශිල්පීන්ගේ ජීවිත පරිත්‍යාගයෙනි.

    කෙසේ වුව ද 1815 දී ඉංග්‍රීසි අධිරාජ්‍යයට සිංහලේ නිදහස පාවා දීමෙන් පසුව, සිංහල ජාතියට මෙන්ම අංගම් ශිල්පයට ද අත් වූයේ දුර්දශාවකි. 1818 උඩරට මහ කැරැල්ල පැරදවීමෙන් පසුව සුදු පාලනය සිංහලයාගේ අද්විතීය යුද බලයේ මූලය හදුනාගෙන 1827 දී අංගම් පුහුණුව සපුරා තහනම් කරමින් අංගම් පුහුණු මධ්‍යස්ථාන වන අංගම් මඩු ගිණිලා වනසා දමයි. තවද අංගම් ශිල්පීන්ට දනහිසින් පහළට වෙඩි තැබීමට අණ කරයි. මේ බිහිසුණු තත්වය හමුවේ අංගම් ශිල්පය රහසිගත වන අතර, උඩරට සුදලිය - මරුවල්ලිය ගුරුකුලයන් ද, රජරට ලංසක්කාර ගුරු කුලය ද, පහතරට වෙල්ලක්කාර - පලිහක්කාර ගුරු කුලයන් ද ලෙස ගුරුකුලගතව ලබාදුන් අංගම් ශිල්පය ඉන් වෙනස්ව හුදු පරම්පරාවන්ට සීමාවී අංගම් ශිල්පයේ ජාතික උරුමය අභාවයට යයි.

    Angampora_traditional_drums.jpg

    අනූව දශකයේ දී ජාතික රූපවාහිනියේ විකාශය කරන ලද, ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් අධ්‍යක්ෂණය කෙරුණ "දඩුබස්නාමානය" ටෙලිනාට්‍යයෙන් පසුව අංගම්පොර පිළිබදව සමාජ කතිකාවතක් ජනිත වුණි. මෙම සමාජ කතිකාවත හරහා මෙතෙක් අප්‍රකටව තිබූ අංගම් ශිල්පය යළි කරලියට පැමිණි අතර කොරතොට (වෙල්ලක්කාර පරපුර )රිටිගල (සුදලිය පරපුර )ආදී ස්ථාන රාශියක අංගම්පොර උගන්වන මධ්‍යස්ථාන යළි ගොඩනැඟී තිබේ. එය සතුටට කරුණකි.



    උපුටා ගැනීම මෙතනින්
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මගේ ගාව දඬුබස්නාමානය සම්පුර්ණ එක තියනෝ
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කරන්න පුළුවන් වැඩ තියනව් බැරි වැඩ තියනවා. බොක දන්න ඕන තැන තියනවා බැරි තැන් තියනවා:no::no::no::no::no::no::no:
    අංගම්පොර කොහොමත් ගෑනු අයට සුදුසු නෑ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    udari3.jpg


    :lol::lol::lol:

    මම ඉස්සර අසාවෙන් බලපු නාට්‍යයක්..රෙප්+:yes::)

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited: