අක්කයි සඳලියි ඔයේ වළකට වැටිලා කියා ආකාෂ් පුතා කිව්වා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    "මට ආකාෂ් පුතා දුරකතනයෙන් කතා කරලා කිව්වා තාත්තේ නංගියි එයාගේ යාළුවොයි, අක්කයි ගුරුගොඩ ඔයට නාන්න ගිහිල්ලා අක්කයි එයාගේ සඳලි යහළුවයි ඔයේ වළකට වැටිලා කෑගල්ල මහ රෝහලට අරන් ගියා. ඒ අයට එච්චර අමාරුවක් නෑ. තාත්තා කලබල වෙන්නේ නැතිව හෙමිහිට එන්න කියලා” කිව්වා යැයි කෑගල්ල මොරොන්තොට ගුරුගොඩ ඔයේ දිය නෑමට ගොස් වළකට වැටී මිය ගිය පාසල් සිසුවියගේ හදිසි මරණ පරීක්ෂණයේදී පියා වන 51 හැවිරිදි කන්දේ දුරයලාගේ වීරසිංහ පද්ම කුමාර මහතා ඊයේ (01) පැවසීය.


    මෙලෙස මිය ගොස් තිබුණේ කෑගල්ල මොරොන්තොට හපුවිට පල්ලේගම පදිංචිව සිටි කෙහෙල්වත්ත මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටි කන්දේ දුරයලාගේ දිනිති විමාෂා වීරසිංහ නමැති 15 හැවිරිදි පාසල් සිසුවියකි.


    මිය ගොස් ඇති පාසල් සිසුවියගේ 15 වැනි උපන් දිනය ඉකුත් 29 වැනිදා තිබී ඇති අතර, උපන් දිනය සැමරුමට පංතියේ මිතුරියන් වන වතුර, කෙටලදෙණියේ පදිංචිව සිටි උපාසක රාළලාගේ සඳලි ගිතාංජලී කුමාරි, හපුවිට පල්ලේගම පදිංචිව සිටින කන්දේ දුරයලාගේ දෙව්මව්මි ප්‍රහර්ශා විජේවර්ධන ඇතුළු තවත් සිසුවියක් ඇතුළු පිරිසක් ඇගේ නිවසට ඉකුත් 29 වැනිදා පෙරවරුවේ පැමිණ තිබේ.




    දහවල් කෑම කා ඇති පිරිස පසුව නිවසේ සිට මීටර් 500 පමණ ඈතින් පිහිටි ගුරුගොඩ ඔයේ දිය නෑමට 6 ක් ගිය අවස්ථාවේ දී, මිය ගිය ශිෂ්‍යයාව හා ඇගේ මිතුරියන් දෙදෙනෙකු දිය නාමින් සිටිය දී සඳලි ගිතාංජලී සිසුවිය වළකට වැටීමෙන් පසුව මිය ගිය සිසුවිය ඇය බේරා ගැනීමට වළට පැන ඇත. ඔවුන් දෙදෙනා බේරා ගැනීමට මිය ගිය පාසල් සිසුවියගේ වැඩිමහල් සහෝදරිය වන 21 හැවිරිදි කන්දේ දුරයලාගේ විෂ්මි නිමේෂා කුමාරි තරුණිය ද ඔය කටේ සිට දිව ගොස් පැන තිබේ. සෙසු පිරිස ඔය කට උඩ සිට කෑ ගසා තිබේ. පසුව ප්‍රදේශයේ ජනයා පැමිණ ඔයේ වළක සිටි තිදෙනා ගොඩට ගෙන කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි. එම අවස්ථාවේ දී සඳලි ගිතාංජලී කුමාරි සිසුවිය මිය ගොස්, අක්කා නගෝ දෙදෙනා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය 15 හැවිරිදි දිනිති විමාෂා වීරසිංහ සිසුවිය ද පෙරේදා (31) දහවල් මිය ගොස් තිබුණි.


    මිය ගිය පාසල් සිසුවියගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (01) කෑගල්ල හදිසි මරණ පරික්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී සිදු කෙරිණ.එහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දුන්මිය ගිය සිසුවියගේ පියා වන කන්දේ දුරයලාගේ පද්ම කුමාර වීරසිංහ මහතා:


    මම යුද හමුදා සෙබළෙක් ලෙස කොළඹ ඔරුගොඩවත්තේ සේවය කරමින් සිටිනවා. මගේ බිරිඳ ලලිතා චන්ද්‍රිකා. ඇය ගෘහණියක්. මට ගැහැනු දරුවන් දෙදෙනෙකු හා එක් පුතෙකු සිටිනවා. ලොකු දුව විස්මි නිමේෂා කුමාරි ඇගේ වයස අවුරුදු 22 යි. අකාෂ් නෙරංජන් දෙවැනි පුතා, මීය ගිය දිනිති විමාෂා වීරසිංහ තුන් වැනි දියණියයි.

    ලොකු දුව පොල්ගහවෙල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරනවා. පුතා ගෙදරට වෙලා ඉන්නවා. මිය ගිය දියණිය කෙහෙල්වත්ත මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටියා. මම මාසයකට තුන් හතර පාරක් නිවසට එනවා. අන්තිමට දෙසැම්බර් 23 වැනිදා ඇවිල්ලා 26 වැනිදා වැඩට ගියා.


    මම 26 වැනිදා යන කොට ලොකු දුවට කියලා ගියා දිනිති දුවගේ උපන් දිනයට කේක් එකක් ගෙනත් දෙන්න කියලා. ලොකු දුව 28 වැනිදා වැඩ ඇරිලා එන කොට කේක් එකක් ගෙනත් දීලා තියෙනවා. දිනිති දුවගේ 15 වැනිදා උපන් දිනය සමරන්න ඇගේ පංතියේ ඉගනුම ලබන දරුවන් තුන් දෙනෙකුටයි ශ්‍රේණියේ ඉගනුම ලබන දුවකටයි අපේ ගෙදරට එන්න කියලා තියෙනවා. අලපලාවල ඕෂදී දැරිය ඇගේ අවුරුදු 08 ක මල්ලී සමග ඇවිල්ලා තියෙනවා. පස්සේ මම 29 වැනිදා උදේ මිය ගිය දිනිති විමාෂා දුවට දුරකතනයෙන් කතා කරලා උපන් දිනයට සුභ පැතුවා. එච්චරයි මම දන්නේ.


    පස්සේ සවස 2 ට පමණ මගේ ආකාෂ් පුතා කතා කරලා කිව්වා තාත්තේ නංගියි එයාගේ යහළුවොයි අක්කයි ඔයට නාන්න ගිහිල්ලා ඔයේ වැටිලා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළා.

    ගොඩක් අමාරු නෑ, තාත්තා හෙමිහිට එන්න කියලා ආකාෂ් පුතා මට කිව්වා. පස්සේ මම ඔරුගොඩවත්තෙන් සවස 4 ට කෑගල්ල බලා එන්න පිටත් වුණා. කෑගල්ල මහ රෝහලට හවස 7 ට ආවා. මට එතනදී දැන ගන්න ලැබුණා නාන්න කට්ටියම ගිහිල්ලා, එක දුවක් මිය ගිහිල්ලා, මගේ දුවලා දෙන්නා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා කියලා. පස්සේ මම

    දැඩි සත්කාර ඒකකයට දුවලා දෙන්නා බලන්න ගියා. බට ගහලා ඉන්නවා මම දැක්කා. වෛද්‍යවරු කිව්වා දරුවන් දෙන්නාට ගොඩක් අමාරුයි නමුත් අපි ලොකු උත්සහයක් ගන්නවා බේරා ගන්න කියලා කිව්වා.


    පොඩි දුව දිනිති විමාෂා වීරසිංහ පෙරේදා (31) දහවල් මියා. පස්සේ මමයි පුතයි ඊයේ 01 වැනිදා කෑගල්ල මහ රෝහලට ඇවිල්ලා දිනිති දුවගේ දේහය හඳුනාගෙන හදිසි මරණ පරීක්ෂණයට පෙනී සිටියා. මරණය ගැන මට සැකයක් නෑ.


    මිය ගිය පාසල් ශිෂ්‍යයාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (01) කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර මහතා විසින් සිදු කෙරිණ. දියේ ගිලීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට කෑගල්ල හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළාය.
    ( චමින්ද වැවතැන්න)
    chrome_y86mTTshcf_021417.png
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඕක තමයි කියන්න කෙල්ලොන්ට පොඩිකාලෙ ඉඳන් හොඳට නාන්න පුරුදු කරන්න කියලා. ලංකාවේ කෙල්ලො බලන්නෙම වතුර දැක්කොත් පැනලා නාන්න. ගෙදර ෂවර් එකෙන් නාන්නෙ යලටයි මහටයිනෙ.
     
    • Haha
    Reactions: ewijesekara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඕක තමයි කියන්න කෙල්ලොන්ට පොඩිකාලෙ ඉඳන් හොඳට නාන්න පුරුදු කරන්න කියලා. ලංකාවේ කෙල්ලො බලන්නෙම වතුර දැක්කොත් පැනලා නාන්න. ගෙදර ෂවර් එකෙන් නාන්නෙ යලටයි මහටයිනෙ.
    dan ubata pinanna puluwanda
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් දාන නම් වලත් අමුතු මෙව්ව එකක් තියෙන්නේ නේහ්? 😂

    වර්ෂිකා තෙතබරී ගුණසේකර

    හිරුනිශා කරවෙලා ගමගේ ..
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නෑ
    එකපාරක් වැඩකරපු තැනින් සිංහරාජෙ ගියා

    අනිත් උන් නෑවා මන් බලන් හිටියා

    Hodai, weradila hari marry karanna ehema epa, geni one month walin ubawa dala yanawa ehema nethnam wena eke set kara gannawa hukanna. hethu ahanna epa, ohoma une nethnam mata kiyapanko