මම දන්න එකෙක් , පුත්තලමේ අක්කර 50ක් බදු ගත්තා , කජු වවන්න. උදව් කලේ හිටපු පොලිස් ලොක්කෙක්..
වත්ත සුද්ධ කලා , කජු හිටෙව්වා...කම්කරුවෝ ගන්න ඕනේ ඒ පැත්තේ චන්ඩි ප්‍රා. මංත්රීයගෙන්, උගේ වාහන වලින් විතරයි වැඩ ගන්න පුළුවන්. වැට වල් ගහන්න දෙන්නේ නෑ.. මුන් අරන් ගිය බඩු තියාගන්න ගහපු අට්ටාලයේ ටකරනුත් ගලවලා.පිට මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නෑ...ඉතින් පළදාව ගන්නත් කලින් වත්ත අතෑරලා ආවා.
ඔය වගේ සිද්ධි හරියට තියෙනවා...ඔය බ්‍රෝකර් ලා අල්ලගන්නේ දුර පළාත්වල හාවෝ විතරයි. අහල පහළ එවුන්ට දුන්නොත් , උන්ට පාඩුයි....ඕක පට්ට ජාවාරමක්. උඹ ඔය ගෙදර නැවතිලා ගේමක් ගහන්න අදහසක් නැත්නම් ඕක හරියන වැඩක් නෙවේ...මිනීමැරුම් හරි සුළභයි ඔය වතු යායවල. ඉතින් පට්ටම බලපුළුවන් කාරයෝ විතරයි, ඔය ලයින් එක අල්ලන් යන්නේ...ආමි ලොක්කෝ එහෙම ආමි කොල්ලෝ බස්සලා අවට එවුන්ට ගේම ඉල්ලවපු වත්තක් තිබ්බා මාතලේ.වත්තට අවට ගමේ එවුන් ,කරදර කරපු හින්දා.ඒත් සුළු හොරකම් නවත්වන්න ක්‍රමයක් නෑ...උඹට සල්ලි තිබ්බට වැඩක් නෑ ඔය වැඩේට...